Gossip

“සම්මානය ගත්තේ විකුණන්න නෙවෙයි. සම්මානය සොරා ගත්ත සිද්ධියට මාධ්‍යයෙන් ලොකු ප්‍රචාරයක් ලැබුණු නිසා බය වුණා” – රණ මයුර සම්මානය හොරකම් කළ නම ගිය හොරු සියල්ල හෙළි කරයි

අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ රණ මයුර සම්මානය සොරා ගැනීමේ සිද්ධිය ගැන පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇතිකළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 5 දෙනෙක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ ඔවුන් රටේ ලියාපදිංචි ගැට කපන්නන් බවයි.
පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පවසා තිබෙන්නේ සම්මානය සොරා ගැනීම පිළිබඳව මාධ්‍ය ඔස්‌සේ ලොකු ප්‍රචාරයක්‌ ලැබුන නිසා තමන් බියවූ බවයි.
ඒ නිසා සම්මානය බස් රථයේ දමා ගියා බවත් සම්මානය විකුණන්න උත්සහා කරේ නෑ කියලා සැකකරුවන් පවසා තිබෙනවා.
ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ i Phone එක සොරා ගෙන තියෙන්නේත් මේ කල්ලිය විසින්. ඔවුන් ජංගම දුරකථනය අලෙවි කරලා තියෙනවා. ඒ දුරකථනයත් පොලිසියේ භාරයට අරගෙන තියෙනවා. i Phone එකත් අයෙත් ලෙස්ටර් මහතාගේ නිවසට ගෙනත් දන්නා සිටියේ කියලා සැකකරුවන් ප්‍රකශ කරලා තියෙනවා.
අවමංගල්‍යයට පැමිණි ප්‍රබල දේශපාලනඥයකුගේ මුදල් පසුම්බියත් මෙම සැකකරුවන් සොරකම් කර තිබෙනවා..
මේ සම්බන්ධයෙන් අදාල දේශපාලනඥයා පොලිසියට පැමිණිල්ලක්‌ නම් කරලා නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!