Gossip

හම්බන්තොට වරායේ වුණු දේ ගැන හෙළිකරන නාවික හමුදාපති කියූ සැර කතාව

2

පසුගියදා උණසුම්කාරී තත්වයක් ඇතිවූ හම්බන්තොට වරායේ සිද්ධියට සම්බන්ධ වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඒ පිළිබඳව ප්‍රථමවරට අදහස් දක්වා තිබෙනවා.

ඔහු පවසන්නේ මෙරටට එන නැව් ගැන තමන්ට වගකීමක් ඇති බවත්, තමන්ට දේශපාලනයක් නෑති ඔබත් ඔහු අණ පිළිපදින්නෙක් පමණක් වන බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මාධ්‍යවේදියාට පහර දුන් බව පවසමින් එම ස්ථානයේ ඇතිව තිබූ බියකරු තත්ත්වය වාර්තා නොකිරීම කනගාටුදායක බවත්ය.

මාගම් රුහුණුපුර වරායේ විරෝධතාකරුවන් විසින් දින හතරක් තිස්සේ රඳවාගෙන තිබූ හයිපෙරියොන් හයිවේ නමැති ලොව තෙවැනි විශාලතම වාහන ප්‍රවාහන නෞකාව මුදා හැරීම හේතුවෙන් තමන්ට ජාත්‍යන්තර සමුද්‍රිය නාවුක සංවිධානය විසින් මේ වනවිට සහතිකයක් පවා ලබා දී ඇති බව හෙතෙම හෙළි කළේය. ඒ අනුව අදාළ නෞකාව ඊයේ වන විට ඩුබායි දක්වා දියත්වී තිබිණි.

ශ්‍රී ලංකාව කියන්නෙ නාවික කේන්ද්‍රස්ථානයක්, ශ්‍රී ලංකා රජයෙනුත් ජාත්‍යන්තර නාවික කටයුතු සම්බන්ධව වගකීමක් දරනවා. ඒ අනුව නාවික හමුදාපති ලෙස මෙරටට සේන්දුවන ජාත්‍යන්තර නෞකා සම්බන්ධයෙන් මට වගකීමක් තිබෙනවා. දවස් හතරක් තිස්සේ මේ හයිපෙරියොන් නෞකාවේ කාර්ය මණ්ඩලයට එහි ඊළඟ ගමනාන්තය දක්වා දියත්වීමට මෙම වර්ජනයේ නිරත පිරිස ඉඩ දී තිබුණේ නැහැ. නාවික හමුදාව මෙම සිද්ධියට එකවරම පැමිණියා නෙමෙයි. ඊට පෙර දිනයෙත් ඔවුන්ට වහාම නැව් දෙක නිදහස් කරන්නැයි ඉල්ලීමක් කළා. ඒවාට මේ වර්ජනයේ නිරත පිරිස් ඇහුම්කම් දුන්නෙ නැහැ. මාධ්‍ය වාර්තා පළවුණා ඉල්ලීම් ඉටු නොකර නැව් නිදහස් කරන්න ආවොත් මරාගෙන මැරෙනවා කියලා. එවැනි අවස්ථාවකයි නාවික හමුදාව මැදිහත් වුණේ. මෙතනදි මට දේශපාලනයක් තිබුණේ නැහැ. මම අණ පිළිපදින්නෙක්. එජාප ආණ්ඩු කාලේ මම එස්.බී.එස් එක හැදුවා. පහුගිය ආණ්ඩුව කාලේ යුද්දෙ ජයගන්න දායක වුණා. දැන් තවත් ආණ්ඩුවක්. හැබැයි මට තීරණ ගන්න වෙන්නෙ රට වෙනුවෙන් නාවික හමුදාව පැත්තෙන්.

මුහුදු කොල්ලකෑමක් මැඬලීම, නෞකාවක් යම් කඩාකප්පල්කාරීන් හෝ කොල්ලකරුවන් පිරිසක් සිය අණසකට ගැනීමේ අවස්ථාවක නාවික හමුදාව හැසිරෙන ආකාරය වෙනස්. එදා මාධ්‍යවේදී මහත්තයා මම ගැහුවා කියලා නඩු මගට ගියොත් ඒ නඩුව වෙනුවෙනුත් මම පෙනී සිටිනවා. මගේ පැත්තෙනුත් ඉදිරිපත් කරන්න මෙතෙක් පළ නොවුණ, පෙන්නපු නැති ගොඩක් වීඩියෝ තියෙනවා.

නාවික හමුදාපති විධියට මට මාධ්‍ය ප්‍රතිචාර දක්වන විධියට ක්‍ෂණික ප්‍රතිචාර දක්වන්න අවශ්‍යතාවක් නැහැ. පරීක්‍ෂණ මණ්ඩලයක් බදදා (හෙට) සිට පටන් ගන්නවා නම් එය දින තුනක කාලයක් විතර පවත්වාවි. ඒ සඳහා ආරක්‍ෂක ලේකම්තුමා දැනට වාර්තාවකුත් කැඳවලා තියෙනවා. අදාළ තොරතුරු මම ඔහුට ඉදිරිපත් කරනවා. ඉන් අනතුරුව අවශ්‍ය නම් අදාළ අනතුරේ ස්වභාවය හා විරෝධතාකරුවන් හැසිරුණු ආකාරය ගැන මාධ්‍යයට තොරතුරු දෙන්න පුළුවන් යැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න වැඩිදුරටත් පවසා තිබෙනවා.

 

උපුටා ගැනීමකි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!