Gossip

“වැඩ නැතිවුණාම ගමේ යනවා. කොහොමත් මාසයකට සැරයක් ගමේ යනවා. හැබැයි පෙම්වතා බලන්නනම් නෙමෙයි.”

නයෝමි තක්ෂිලා කියන්නේ සිය රංගන හැකියාවෙන් රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය තරුණ නිළියක්.
ඇයගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්තක මේ විදිහට ලියවිලා තිබුණා.

නිදහසේ පියා ඔබේ පළමු චිත්‍රපටයද?
මා රඟ පෑ පළමු චිත්‍රපයටය තමයි ‘නිදහසේ පියා’. ඉන් පසුව ‘අහසක් අල්ලන්න නෙමෙයි’ ළමා චිත්‍රපටයේ රඟපෑවා. එම චිත්‍රපටය තවම ප්‍රදර්ශනය වුණේ නැහැ.

ඔබ කලාවට ගොඩවන්නෙ වේදිකාවෙන්..
ඔව්. ඇන්ටන් චෙකෝප්ගේ ‘මුහුදු ළිහිනියා’ වේදිකා නාට්‍යයෙන්. ඉන් පසුව 2015 වසරේ අකිල සපුමල්ගේ ‘හිනාවෙලා මිනිත්තුවක්’ වේදිකා නාට්‍යයේ රඟපෑවා.
එහි රංගනය වෙනුවෙන් 2015 යෞවන සම්මාන උලෙළේ හොඳම නිළිය වුණා. ඉන් පසුව විජිත නුවන්ගේ ‘සිල්ගත් බිල්ල’ වේදිකා නාට්‍යය කළා. එය රාජ්‍ය සම්මාන උලෙළට නිර්දේශ වුණා.

ටෙලි නාට්‍යවලට සම්බන්ධ වන්නේ කොහොමද?
වේදිකා නාට්‍යවල රඟපෑමට අවතීර්ණ වූවාට පසුව මියුසික් වීඩියෝවලට සහ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මගේ පළමු ටෙලි නාට්‍යයේ රඟපෑවේ මාලනී ෆොන්සේකාගේ දියණියටයි රඟපෑවේ. අපේ ප්‍රවීණ රංගන ශිල්පිනිය සමග රඟපෑමෙන් පළමු ටෙලි නාට්‍යයෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණා.

කුඩා කාලයේදි ගෙදරට එන අමුත්තන්ට පේන්න නටනවා කියන්නේ ඇත්තක්ද?
ඒක ඇත්ත. මගේ මවුපියන් සහ ඥාතීන් අදත් කියනවා ඉස්සර බබා දුව අපිට පේන්න ලස්සනට නටනවා කියලා. ගමේ අයයි, ඥාතීනුයි මට ආදරේට අදටත් කියන්නෙ බබා දුව කියලා.

ඒ කියන්නෙ පාසල් කාලයේදීත් කලාවට සම්බන්ධව සිටියා …
ඔව්. මගේ ගම අනුරාධපුරය. සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගියේ පුදියන්කුලම මහා විද්‍යාලයට. ඉන් පසුව උසස් පෙළ හදාරන්න අනුරාධපුරය ස්වර්ණපාලි බාලිකා විදුහලට ඇතුළත් වුණා. කලාව කරන්න ඕන නිසාම උසස්පෙළට නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. පාසල් කාලයේදී පාස‍ලේ පැවැත්වුණු හැම ඉවෙන්ට් එකකම මොකකට හෝ හිටියා. ඒකනේ දුෂ්කර පළාතක ඉඳලත් කලාවට එන්න වාසනාව ලැබුණේ.

කලාවට පිවිසුණේ කොහොමද?
ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාසලෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳව වසර දෙකක් හැදෑරුවා.
ඔය කාලයේදි තමයි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. මේ දවස්වල විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදි නාට්‍ය හා රංග කලාව පිළිබඳව උපාධිය හදාරනවා.

පවුලේ විස්තර ගැනත් කියමු නේද?
මගේ පවුලේ කිසිවකු කලාවට සම්බන්ධ නෑ. අම්මා, තාත්තා වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන යනවා. අක්කල දෙන්නයි, අයියයි විවාහකයි. මම තමයි පවුලේ බාලයා. මේ සියලු දෙනාගේම ආදරය, රැකවරණය අඩු නැතිව ලැබෙනවා.

ප්‍රේමවන්තයා බලන්න නිතරම ගමේ යනවා කියන්නෙ ඇත්තක්ද?
වැඩ නැතිවුණාම ගමේ යනවා. කොහොමත් මාසයකට සැරයක් අනිවාර්යයෙන්ම ගමේ යනවා.
හැබැයි පෙම්වතා බලන්න නම් නෙමෙයි. එයා ගැන මම පස්සේ කියන්නම්කෝ.

අනාගත බලාපොරාත්තු…
බලාපොරොත්තු නම් ගොඩක් තියෙනවා. කවදා හෝ දක්ෂතම නිළිය වන හීනය මගේ සිතේ තදින්ම තිබෙනවා.
ඒක මගේ අධිෂ්ඨානයක්. ඒ සඳහා මම දැන් සිටම හොඳ රංගනයක නියැළෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!