තරු හුට පට

දක්ෂ කෙල්ලෙක්…අගය කළ යුතුයි -“කතන්දරේ“ හොල්ලපු තරුණියගේ තවත් වීඩියෝවක්

11
අපේ රටේ ඉන්නවා එක එක දක්ෂතා තියෙන අය. ඒ දක්ෂතා වලින් සමහරක් පිරිස් ඉදිරියට යනවා. තවත් පිරිසක් දක්ෂතාවය තියාගෙන ඉදිරියට යන්න බැරිව ඉන්නවා.

කොහොම හරි ඔන්න සංගීත ක්ෂේත්‍රෙයත් එහෙමයි. ලංකාවේ නම් ගොඩ දෙනෙකු දක්ෂතාවයක් නැතුවම සල්ලි හොඳ හැටි වියදම් කරලා ප්‍රසිද්ධ වෙලා ගොඩ යනවා.

දක්ෂතාවයක් තියෙන අය සමහරක් තවමත් එකම තැන.

මේ ඒ ගැන නම් නෙවෙයි කතා කරන්නේ.ඇත්තම දක්ෂතාවයක් තියෙන තරුණියක් ගැනයි මේ කියන්නේ.

පසුගිය කාලයේ නම් මේ තරුණිය ටිකක් ප්‍රසිද්ධ වුණා. ඒ එයාගේ තියෙන ලස්සනටවත් වෙන මොකටවත් නිසා නෙවෙයි. ඇත්තටම දක්ෂ තරුණියක් නිසාවෙන් . මේ යුවතිය ගැන අප පසුගිය කාලයෙන් විටින් විට විස්තර ඔබ වෙත ගෙන ආවා.

ඔන්න   පහත වීඩියෝව බැලුවොත් ඔයාලට එයාව මතක් වෙයි එක පාරටම මේ කවුරු ගැනද අපි කිව්වේ කියලා.

ඔන්න  මේ සුන්දර යුවතිය අලුතින් සිංදුවක් කියලා තියෙනවා. හැබැයි මේක එයාගෙම සිංදුවක් නෙවෙයි.  මේ ඇවිල්ල Smule App එක හරහා තවත් විදේශීය දක්ෂ තරුණයෙකු සමඟ කළ ගීතයක්.

ඔයාලම බලන්නකෝ මේ තරුණිය ඇත්තටම දක්ෂ නැද්ද කියලා. එම වීඩියෝව පහතින් බලන්න.

 

1 2 3 4 5 6 7 8 9 10

ඇයගේ පසුගිය විස්තර පහතින් බලන්න

ඉරාජ්ගේ “කතන්දරය“ හොල්මන් වෙන්න තවත් කතන්දරයක් – සුරූපි කෙල්ලෙක්ගේ වැඩක්

6

ඉරාජ්ගේ “කතන්දරේ“ සිංදුව පසුගිය කාලයේ ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණානේ. ඒ වගේම තමයි  ටිකක් විවේචනත් ආවා. ඒ වගේම තමයි  ඒ සිංදුවේ cover Song පවා ආවා.

ඔන්න මේ “කතන්දරේ“ සිංදුව සම්බන්ධයෙන් කළ තවත් ලස්සන Cover Song එකක් සුරූපී තරුණියක විසින් කරලා තියෙනවා.  ඔන්න ඒ ගීතය අහද්දී නම් ඔයාලාට පුදුම වෙයි මොකද දන්නවාද ඒ තරමට මේ තරුණිය ලස්සනට ගායනා කරන නිසා.  මේ ගීතය ගායනා කරන සුරූපී යුවතිය මේ වන විට සිටින්නේ මලයාසියාවේ.

කොහොම වුණත් බලන්කෝ මේ ගීතය ලස්සනද කියලා. ආරංචියේ හැටියට ඔන්න මෙයාලා වීඩියෝවකුත් හදනවා කියලයි වෙබ් ගොසිප් වෙත වාර්තා වෙන්නේ.

මෙහි සියලුම නිෂ්පාදන කටයුතු සිදුකර ඇත්තේ අැයගේ මිතුරා වන සනෝජ් අත්තනායක නම් වූ තරුණයාය.

ඉරාජ්ගේ “කතන්දරේ“ දෙවනත් කළ සුරූපි කෙල්ලගේ වීඩියෝව

11

ඉරාජ්ගේ “කතන්දරේ“ සිංදුව පසුගිය කාලයේ ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණානේ. ඒ වගේම තමයි  ඒ සිංදුවේ cover Song පවා ආවා.

ඒ cover Song අතරින් වෙබ් ගොසිප් අප පල කළ වීඩියෝවක් පසුගිය කාලයේ වඩාත් ප්‍රසිද්ධියට පත්වුණා. කොහොම වුණත්  ඒ cover Song  එකේ හිටිය සුන්දර ලස්සන යුවතිය ගැන කවුරුත් වැඩිය දන්නේ නැහැනේ.

ඔන්න ඇයගේ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න. අපට ආරංචියේ හැටියට මේ සුරූපී යුවතිය මේ වන විට තවත් cover Song එකක් මේ දිනවල කරගෙන යනවලු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!