Gossip

මගේ අතිනුත් සිල් බිඳෙනවා-නදීෂා හේමමාලි

කවමදාවත් හිනාවුණේ නැති, ඒ වගේම කිසිම දාක ඇහෙන් කඳුළක් හෙළපු නැති කෙනකු මේ ලෝකේ කොහේ හරි හොයා ගන්න ඉන්නවා නම් ඒක විශ්මයට කරුණක්. අපේ ජිවිතේ පුරාම තියෙන්නේ සතුටයි දුකයි. ඒ සතුටයි දුකයි ගැන නදීෂා හේමමාලි කිව්වේ මෙහෙම දේවල්..

නදීෂා සතුටයි දුකයි නිර්වචනය කරන්නේ කොහොමද ?

අපි කැමති දේ ලැබීමේදී දැනෙන හැඟීම් තමයි සතුට කියන්නේ. අකමැති දේ ලැබෙනකොට දැනෙන දේට තමයි දුක කියන්නේ.

කලාකාරියක් විදියට වැඩියෙන්ම දුක් වූ සහ සතුටු වුණු දවස් දෙක මතකද ?

හා හා පුරා මාව රූපවාහිනියෙන් දැකපු දවස තමයි ගොඩක්ම සතුටු වුණේ. දුක්වූ අවස්ථා නම් නැහැ.

සාමාන්‍ය ජීවිතයේදී වැඩියෙන්ම දුක්වූ සහ සතුටු වූ අවස්ථා මොනවද ?

ඔය දෙකම තාම උදාවෙලා නැහැ.

නදීෂට තියෙන්නේ කිසිම සතුටක්වත් දුකක්වත් නැති හිස්ම හිස් ජිවිතයක්නේ ?

නැහැ. මම ජිවිතයේ හැමදේම යථාර්තවාදීව දකිනවා. ඒ හින්දා සතුටේදී ඕනෑවට වඩා සතුටු වෙන්නෙත් නැහැ. දුකේදී මහ හඬින් හඬා වැටෙන්නෙත් නැහැ.

කොහොමද ඔය වගේ යථාර්තවාදී චින්තනයන් ජිවිතයට එකතු වුණේ ?

බෞද්ධ දර්ශනය තුළින්.

කවදා ඉඳලද නදීෂා බෞද්ධ දර්ශනය තුළින් ජීවිතය දකින්න පටන් ගත්තේ ?

අපිව පන්සල් යන්න හුරු කරන්නේ පුංචි කාලේදී. හැබැයි එතකොට අපි පන්සිල් පදවල තේරුමවත් දන්නේ නැහැ. පන්සිල් පදවල තේරුම වටහාගන්න මම උත්සහ කළේ අවුරුදු හතේදී විතර. ඊට පස්සේ ටිකෙන් ටික කාලයත් සමඟ බුදු දහම ගැන කියන්න ඒ ගැන හිතන්න එහි ගැඹුර වටහාගන්න උත්සහ කළා. මට හිතෙන්නේ මම තවම මේ ගැඹුරු දර්ශනය වටහාගනිමින් ඉන්නේ.
එහෙම බුදු දහම තුළින් ජිවිතයට ලැබුණු සතුට ගැන මේ ලිපියෙන් කතා කරමු. ඒක අනෙක් අයට ආදර්ශයක් වේවි.

විශාඛා සිටුදුව සාර්ථක පවුල් දිවියක් ගෙවූ ගිහි කතක්. ඒත් ඇය සෝවාන් ඵල ලාභිනියක්. මම තවම සෝවාන් ඵලයට ඇවිත් නැහැ. මම නිළියක්. ඒ මගේ වෘත්තීය. ඒක හින්දා ලස්සනට අදින එක, විලාසිතා කරන එක මගේ වෘත්තියේ කොටසක්. ඒක මගේ අධ්‍යාත්මික ජීවිතය එක්ක පටලවගන්න එපා.

නදීෂා ප්‍රබලවම සතුට අත් විඳි අවස්ථා මතකද ?

එක්තරා ස්වාමින්වහන්සේ නමකගේ ජිවන රටාව දැක්කම මට පුදුමාකාර සතුටක් දැනුණා.

අනෙක් කෙනෙකු ගැන හිතලා වැඩිපුරම දුක්වූ අවස්ථාවකුත් ඇති ?

කුඹියෙක් වතුරට වැටිලා ඉන්නවා දැක්කත් මම දුක්වෙනවා. ඒ අතරින් ප්‍රබලම විශේෂ අවස්ථා නැහැ.

සතුටින් ජිවත් වෙන්න කැමති අයට ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සඳහා ඔබ දෙන උපදෙස් මොනවාද ?

පන්සිල් පද පහ රැකගෙන ජිවත් වෙන්න. ජිවිතයේ සතුට තියෙන්නේ එතැන.

නදීෂත් ඒ සතුට විඳිනවද ? කවමදාවත් පන්සිල් පද පහෙන් එකක් බිඳලම නැද්ද ?

කෝටියක් සංවර ශිලය රකින උපසම්පන්න භික්ෂූන් වහන්සේ කෙනෙකු අතින් පවා සීල් බිඳෙන අවස්ථා තියෙනවා. මගේ අතිනුත් සිල්පද බිඳී යන අවස්ථා තියෙනවා. ඊට පසුව මම ඒක හදාගන්නවා. ඒ ජිවන රටාව මා කරා සතුට රැගෙන එනවා.2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!