Gossip

බංග්ලාදේශය හමුවේ කුසල් මෙන්ඩිස් ගහපු ගැහිල්ල

ටෙස්ට් තරග වලදී තමන්ගේ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ලකුණු 45 හෝ 50 ට ඉහළින් තබාගැනීම අරමුණ බව කුසල් මෙන්ඩිස් පවසනවා.

මෙන්ඩිස් මෙහෙම කිවුවේ ගාල්ලේදී ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ, පළමු දිනය නිමාවී පැවති මාධ්‍ය සාකච්ඡාවේදීයි.

ලෝකයේ හොඳම පිතිකරුවන් 10 දෙනාගෙන් අයකු වීම තමන්ගේ බලාපොරොත්තුව බවත් මෙන්ඩිස් කියලා තියෙනවා. .

ඊයේ දිනය නිමාවනවිට කුසල් නොදැවී ලකුණු 166ක් ලබා ගෙන සිටියා.

සිය ටෙස්ට් දිවියේ පළමු ද්විත්ව ශතකය රැස් කිරීමට ඔහුට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 34 ක් පමණයි.

“ලකුණු 200 ලබාගන්න මා ඉතා ආශාවෙන් බලා ඉන්නවා. පල්ලෙකැළේදී මට ඒක ලබාගන්න බැරිවුණා. ඇරත් මේ වෙලාවේ මම හොඳින් ලකුණු ලබාගනිමින් ඉන්න පිතිකරුවා නිසා කණ්ඩායම වුණත් මගෙන් තව තවත් ලකුණු බලාපොරොත්තු වෙනවා” යනුවෙන්ද මෙන්ඩිස් කියලා තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!