Gossip News

හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් විශේෂ කාරක සභාවට අද ගෙන්වනවා කියපු කතාවේ ඇත්ත මෙන්න

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (13) දින සාක්ෂි ලබා දීම සඳහා හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට පැමිණෙන ලෙස දන්වා නොමැති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අද දෙරණ විශේෂ කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා කියා සිටියේ, අද දින සාක්ෂි දීමට පැමිණෙන්නේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පමණක් බවයි.

කෙසේ වෙතත් අද දෙරණ කළ විමසීමකදී පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ඊයේ(12) දිනයේ දී කියා සිටියේ, හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාගේ රාජකාරීමය සමයේ දී සිදු වු පැමිණිලි සහ ඒ හා ආදාල ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම සඳහා ඔහු අද දිනයේ කැඳවනු ඇති බවයි.

හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ සමාජිකයෙක් ද වෙනවා.

එමෙන්ම හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පසුගිය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!