Gossip News

“මුස්ලිම් ජනතාව මෙරට තුළ සුළු ජාතියක් වුවද ලෝකය තුළ මහා ජාතියක් – අපිව ලෙහෙසියෙන් බය කරලා තල්ලු කරන්න බෑ” – හිස්බුල්ලා

මුස්ලිම් ජනතාව මෙරට තුළ සුළු ජාතියක් වුවද ලෝකය තුළ මහා ජාතියක් බැවින් පවතින තත්ත්වය හමුවේ බියෙන් නිවෙස් තුළ මුළු ගැන්වී නොසිට හිස ඔසවා නැඟී සිටිය යුතු බවත් දළදා මාලිගය ඉදිරියේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිසිම සත්‍යයක් නැති බොරු කියා රටේ ජනතාව රැවැට්ටු බවත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසනවා.

ඔහු එ් බව පැවසු‍‍‍‍‍‍‍‍වේ කාන්තන්කුඩි නගරයේ ඉස්ලාම් දේවස්ථානයකදීයි.

“අපිට තනතුරුවල ඉඳලා කතා කරන්න බැහැ. ආණ්ඩුකාරවරයා ලෙස කතා කරන්න බැහැ මට යම් කිසි සීමාවක් තියෙනවා. අපි උපරිම වශයෙන් ඔබලාගේ ආරක්ෂාව තහවුරු කළා. මුස්ලිම් ජනතාවට පීඩාවට පත් නොවී දුක් විඳින්නේ නැතුව ගෞරවයෙන් ජීවත් වෙන්න අවශ්‍ය ඉඩකඩ සැලසුවා. අපේ ගොඩක් අය බියට පත්වෙලා තවමත් නිවෙස් ඇතුළෙම ඉන්නවා. එළියට ගිහින් නැහැ. ඒ ගොල්ලන් දිගටම මෙහෙම ඉන්න බැහැ. ගෙදරින් එළියට එන්න ඕනෑ. රස්සාවල්වලට යන්න ඕනැ. බිය නැති කරන්න ඕනෑ. මුස්ලිම් ජනතාව ඔළුව උස්සලා ඉන්න ඕනෑ. අපි මේ රටේ පමණයි සුලු ජාතිකයන් වන්නේ. ලෝකයේ අපි මහජාතියක්. අපි පැහැදිලිව කියන්න ඕනෑ අපිව ලෙහෙසියෙන් බය කරලා තල්ලු කරන්න පුළුවන් කියලා කවුරුත් හිතන්න හොඳ නැහැ. අපේ එකමුතුකමේ තමයි ශක්තිය තියෙන්නේ. අපේ ආරක්ෂාව අපේ අයිතීන් ජයගැනීම යළිත් මේ රටේ මුස්ලිම් ජනතාව ඔළුව උස්සලා ජීවත්වීම වැනි හැමදෙයක්ම රඳා පවතින්නේ එකමුතුව ඉඳීම මතයි. ඡන්දයක් එද්දී මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව රකින නියෝජිතයින් ගැන හිතලා තීරණයක් ගමු. අපි ධුරයෙන් ඉවත්වීම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි තනිකරම මුස්ලිම් ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල මුස්ලිම් ජනතාවගේ ඡන්දයෙන් ආපු අය. නමුත් කබීර් හෂීම්, රවුෆ් හකීම්, අබ්දුල් හලීම් වැනි අය ඉවත්වීම ප්‍රබල කාරණයක් ලෙස සැලකිය යුතුයි. කබීර් හෂීම් පසුගිය ඡන්දයේදී 105,000 ක් ඡන්ද ගත්තා. එයින් 70,000 ක් සිංහල ජනතාවගේ ඡන්ද. මුස්ලිම් ජනතාවගේ අයිතීන් ආරක්ෂාව වෙනුවෙන් එයාලගෙ අමාත්‍යධුරයත් පරිත්‍යාග කළා. ඒකට අල්ලා දෙවියන් එයාලට ආශීර්වාද කරයි. මම ඉල්ලා අස්වීමේ ලිපිය දීලා ජනාධිපතිතුමාට කිව්වා ඔබතුමාට මම සති දෙකක් දෙන්නම් මට තියෙන හැම චෝදනාවක් ගැනම විමර්ශනය කරලා ඒවා තහවුරු කරන්න කියලා. දළදා මාලිගය ඉදිරියේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිසිම සත්‍යයක් නැති බොරු කියලා බොරු චෝදනා නඟලා රටේ ජනතාව රැවට්ටුවා. ඒ ගැන උත්තර දෙන්න අපි ලෑස්තියි. නමුත් පරීක්ෂණ වාර්තා එනකල් අපි බලාගෙන ඉන්නේ. ඉකුත් ආණ්ඩුවලදී රටේ මුස්ලිම් ජනතාවට නායකත්වය දුන්නේ කාන්තන්කුඩි මුස්ලිම් ජනතාව. එම නායකත්වය දිගටම දිය යුතුයි…”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!