Gossip News

අහිංසක ජීවිත 12කට මරු කැදවූ ඛේදවාචකය.. සම්පූර්ණ විස්තරය මෙන්න..

දකුණු මුම්බායි හි ඩොන්ග්‍රි ප්‍රදේශයේ මහල් හතරක නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා පුද්ගලයින් 12 දෙනෙකු මරණයට පත්වී ඇතැයි වාර්ථා වෙනාවා. එරට වාර්ථාවලට අනුව 40 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවෙලා ඇති බවට සැකයක් පවතිනවා.එරට ගිනි නිවන භටයින් සහ රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු වල නිලධාරීන් එම ස්ථානයට පැමිණ ගලවා ගැනීමේ මෙහෙයුම් දියත්කර ඇති අතර මෙම සිද්ධියෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව බී.එම්.සී. මුම්බායි නගරාධිපති විශ්වනාත් මහදේශ්වර මහතා ප්‍රකාශකර තිබෙනවා.

විපතට පත්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නවිස් ශෝකය ප්‍රකාශ කර ති‌බෙන අතර මෙම ගොඩනැගිල්ල වසර 100 ක් පැරණි බවත් එය අබලන් වූ ගොඩනැගිලි ලැයිස්තුවේ නොමැති බවත් ඔහු පවසා තිබෙනවා . අනතුර සිදුවීමට පෙර මෙම ගොඩනැගිල්ලේ පවුල් 10 ත් 15 ජීවත් වී ඇති අතර පවුල් 10 සිට 12 දක්වා තවමත් සුන්බුන් අතර ඇති බවට ඔවුන් උපනල්පනය කරන බවට තමයි ඉන්දියන් මාධ්‍ය වාර්ථාවල සදහන් වන්නේ.

AppleMark

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!