Gossip

පියුමි මිසිස් යුනිවර්ස් පරාජයෙන් පසු අප්‍රසාදය පළ කරන්න වේදිකාවෙන් ප‍්‍රසිද්ධියේ බැසගිහින්

cvr

2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේ ජයග‍්‍රහණය ඊයේ පැවැත්වුණානේ.

කොහොම හරි ඔන්න මේ තරඟයේ ජයග්‍රහණයෙන් නිරූපිකාවක වන පියුමි හංසමාලී බලාපොරොත්තුවෙන් හිටියා කියලා කවුරුත් සමාජ ජාල ඔස්සේ අපිට දැක ගන්නට ලැබුණා.

හැබැයි ඔන්න පියුමිට නම් මේ තරඟයේ ජයග්‍රහණය ලැබුණේ නෑ. කොහොම හරි ඔන්න මේ තරඟයේ ජයග්‍රහණය හිමි වුණේ සිනමා නිළියක වන උදාරී පෙරේරාය.
කොහොම හරි ඔන්න මෙම තරගයේ අවසන් 8 දෙනා අතරට පියුමි හංසමාලි තේරී තිබුණ අතර තරග ස්වභාවය අනුව ජයග‍්‍රාහී තිදෙනා තෝරාගෙන තිබුනේ එම අට දෙනාවම වේදිකාවේ තබමින්.
ඒ අනුව 8 දෙනාගෙන් තුන්වෙනියා දෙවැනියා ආදී ලෙස වෙනත් අය නම් කර පළමුවෙනියාව නම් කරන විට ඉතිරි 6 දෙනාම බලාපොරොත්තු දල්වාගෙන සිටි බව දක්නට ලැබුණි.

කොහොම හරි ඔන්න උදාරි මෙවර විවාහක රූ රැජිණ යයි නම් කරද්දී ඇයට සුබපතා සිනාසී අත්පොළසන් දීමේ ජාත්‍යන්තර සම්ප‍්‍රදාය අනුගමනය කරනු වෙනුවට පියුමි ඉතාමත් අප්‍රසාදයෙන් වේදිකාවෙන් නික්ම ගොස් තිබෙනවා.

මෙම තරගය ඉංග‍්‍රීසි බසින් මෙහෙයවා තිබුණ අතර එක් එක් තරගකාරියන්ගේ බුද්ධි මට්ටම දැනගැනීමට ඇයගෙන් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය ගැන පැනයක් විමසීමේදී පියුමි අපහසුතාවයට ලක්වූ බව වාර්තාවේ.

 

2 3 4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!