Gossip

අවුරුදු 20ක් වූ තරුණිය 15 වියැති සිය පෙම්වතිය පැහැරගන්න හදලා – අසම්මත පෙම දුරදිග ගිය හැටි

 

cvr

තරුණියන් දෙදෙනකු අතර හටගත් අසම්මත ප්‍රේමයක් දුරදිග යෑමෙන් පසු වයස අවුරුදු 20ක් වූ තරුණිය වයස 15ක් වූ තමපෙම්වතිය ත්‍රිරෝදරියක දමාගෙන බලෙන් පැහැරගෙන යෑමට තැත් කිරීමේ දී ගම්මුන්ට කොටුවී ත්‍රිරෝද රථයත්, රියැදුරුත් සහායට පැමිණි තවත් තරුණියක් ද සමඟින් පෙම්වතියන් දෙදෙනාද හෙට්ටිපොළ පොලිසියට භාර දී තිබෙනවා.

මේ පෙම්යුවළ ඥාති තරුණියන් වන අතර වැඩිමහල් තරුණිය වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය හෙට්ටිපොළ ප්‍රදේශයේ ළාබාල ඥාති තරුණියගේ නිවෙසට වරින්වර පැමිණ දින 2-3 ක් ගතකර යෑමෙන් පසුව මෙම සබඳකම ඇතිවී තිබුණා.

ඉහත සඳහන් 20 හැවිරිදි තරුණිය කොණ්ඩය තරුණයකු ලෙස කොටට කපා කලිසම් කමිස අඳිමින් පිරිමි ඇඳුම් පැලඳුම් භාවිත කරන තැනැත්තියක්.

දුම්පානයට ඇබ්බැහි වී ඇති ඇයගේ ශරීරයේ කීප පළකම ටැටූ සටහන් කොටා ඇති අතර මේ නිසා බොහෝ දෙනකුට ඇය තරුණියකැයි සිතා ගත නොහැකි වී තිබෙනවා.

හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි ළාබාල තරුණිය මැයට අමතා ඇත්තේ ‘සුදු අයියා’ නමින්.

මේ දෙදෙනාගේ හිතවන්තකමත් පෙර තරුණියගේ හැසිරීම් රටාවත් නිසා වැඩිමහල් තරුණියට හෙට්ටිපොළ නිවෙසට ඒමට තහංචි දැමීම හේතුවෙන් ඇය සිය පෙම්වතිය පැහැරගෙන යෑමට සැලසුම් කොට ඇති අතර මේ සඳහා අවුරුදු 18ක පමණ තවත් තරුණියකගේ සහාය ඇතිව හෙට්ටිපොළ නගරයට පැමිණ තිරෝද රථයක් ද සූදානම් කරගෙන මේ පැහැරගෙන යෑම ක්‍රියාත්මක කොට තිබෙනවා.

පොලිසියේ දී දිග හැරුණු මෙම අසම්මත පෙම් පලහිලව්වේ දී දෙදෙනා ලියන ලද පෙම්පත් තොගයක් ද හමුවී ඇති අතර දෙදෙනා ‘සුදු අයියා’ හා ‘ආදර බී’ නමින් ආමන්ත්‍රණය කොටගෙන ඇති බව හෙළි වුණා.

දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරවීමට නියමිත අතර බාලවයස්කාර දැරිය පැහැරගෙන යෑමට පැමිණි බවට සැක කෙරෙන තරුණිය හා ඇයට සහාය වූ තරුණියත් එම ක්‍රියාව සඳහා සහායට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරත් හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට යොමු කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!