Gossip

බුකිය පුරා හිට් වුණු ඇමති මංගලගේ හිතට දැනෙන අමුතු කතාව – Photos

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර ගැන පසුගිය කාලේ විවිධ කතා හුවමාරු වුණා.
මේ දවස්වල බුකිය පුරාම එතුමා ජනප්‍රිය වෙලා තියෙනවා.
ඒකට හේතුව තමයි මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විදුහලේදී සිදුකළ කතාවක්.
මේ එම කතාවයි…

“මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීල වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්.

බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවන්ට වඳින්න. ඒ ඇති.

මෙතනට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් වඳිනවා, මන්ත්‍රී ආවත් වඳිනවා, කැබිනට් ඇමැති ආවත් වඳිනවා. මම ගෙදර ගිහින් මොන විදිහේ නීති විරෝධී වැඩ කරනව ද කියල ඔයාල කොහොම ද දන්නෙ? ඒ නිසා ගරුකරන කෙනෙකුට ගරු කරන්න.

කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් බිහි කරන්නයි අපට ඕනෙ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!