Gossip

රට ගිහින් ඉවරයි, ගුවන් ගමන් වාර 60 ක් සහ දුම්රිය ගමන්වාර 200 ක් අවලංගු කරයි – රටේ සියලු දේ අතරමඟ නැවතුනු හේතුව මෙන්න

බ්‍රිතාන්‍යයට මේ දිනවල බලපා ඇති ශීත කාලගුණය නිසා ජන ජීවිතයට බලපෑම් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රදේශ රැසකට එල්ලවී තිබෙන හිමපතනය නිසා ගුවන් ගමන් වාර සහ දුම්රිය ගමන් වාර අවලංගු කර තිබෙනවා.
අයහපත් කාලගුණික තත්ත්වය නිසා දුම්රිය ගමන්වාර 200 ක් සහ ගුවන් ගමන් වාර 60 ක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම තත්ත්වය එංගලන්තය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තයටද බලපා ඇති බවයි විදෙස් තොරතුරු පෙන්වා දෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා දෙකක කාර්මික දෝෂ ඇතිවීම නිසා ඇතිව තිබූ ගුවන් ගමන් ප්‍රමාදය තවමත් අවසන්වී නැති බව වාර්තා වනවා.
කොචින් සිට ගමන් කළ යානයක කුරුල්ලෙකු ගැටීම හා තවත් හේතූන් නිසා ඇතිවූ ප්‍රමාදය සම්බන්ධයෙන් ගුවන් සේවය මගීන්ගෙන් සමාව අයැද සිටියා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවියේද මෙම ප්‍රමාදය ගැන තොරතුරු ඇතුලත් කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!