Gossip

පුතා පොලිසියේ – එත් අම්මාට බෙහෙත් ගන්නවත් විදියක් නෑ – තවත් අම්මා කෙනෙක්ගේ කඳුලු කතාවක් මේ

දරුවෝ උස්මහත් කරන්න දෙමව්පියන් කොච්චරනම් දුක් විඳිනවාද?

කොච්චර නැතිබැරිකම් තිබ්බත් තමන්ගේ දරුවා මොනාහරි ඉල්ලුවොත් දෙමව්පියන් ඒ දේවල් දෙන්න දෙපාරක් හිතන්නේ නෑනේ.

ඒත් දෙම්පියන් දරුවන්ට වෙන්න ඕන යුතුකම් ඔක්කොම කළත් ඒ දරුවෝ වැඩිහිටියන් වෙද්දි තමන්ගේ අම්මව තාත්තාව අමතක කරන තත්වෙට පත්වෙලා.

අතීත සමාජයට වඩා වර්තමානයේ හැමතැනම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි දරුවෝ සළකන්නේ නැතිව අම්මලා තාත්තලා පාරට වැටිලා ඉන්න එක.

මෙහෙම අසරණ වුණු අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට පිහිටක් වෙන්න පුළුවන්නම්, ඒ අම්මාගේ හෝ තාත්තගේ මූණට හිනාවක් දෙන්න ඔවුන්ගේ දරුවන්ටත් නොහැකි වූ වෙලාවක ඔබට ඒ දේ කරන්න පුළුවන් වුණානම් ඔබ ලබන ආත්මීය සතුට වෙන කිසිවකටත් සම කරන්න බැරි වෙයි.

අපි මේ කියන්න යන්නේ එහෙම අසරණ වූ අම්මා කෙනෙක්ට උපකාර කළ අපේම රටේ තරුණයන් දෙදෙනෙක් ගැන.

මේ අම්මාගේ පුතා පොලිස් නිළධාරියෙක් කියලා තමයි ඒ අම්මා මේ තරුණයන් දෙදෙනාට කියලා තියෙන්නේ.

කොහොමවුනත් තමන්ගේ කුසෙන් වදාපු දරුවනුත් අහක බලන වෙලාවක මේ අම්මාට උපකාර කරපු තරුණයන් දෙදෙනාට වෙබ් ගොසිප් අපිත් ආචාර කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!