Gossip

ලොව ධනවත්ම තරුණ තරුණියෝ

ධනවතෙක්‌ වීම හැමෝගෙම සිහිනයක්‌. බිලියන 7.5 ක්‌ වන ලෝක ජනගහනයෙන් බිලියනපතියන් ගණයට වැටෙන්නේ 1815 දෙනෙක්‌ විතරයි.

ලෝකයේ ම සුපිරි ධනවතුන් 1815 දෙනා වන මේ පිරිස සතු ධනය ලොව බොහෝ රටවල දල දේශීය ආදායමටත් වඩා වැඩියි. මේ අය අතරින් සියයට විස්‌සක්‌ම තරුණ තරුණියන් වීම විශේෂත්වයක්‌. ඒ තරුණ තරුණියන් අතර මේ වෙනකොට ඉන්න ඉහළම දස දෙනා තමයි මේ ඉන්නේ. මේ අය අතරින් බොහෝ දෙනෙක්‌ගේ දෙමාපියන් ධනවතුන් වුවත් තම දෙමාපියන්ගේ ධනය මත යෑපෙන්නේ නැතිව තමන් ද ව්‍යාපාර කරමින් ලොව ඉදිරියට පැමිණි අය වීම මේ අයගේ විශේෂත්වයයි.

 

 

01.මාර්ක් සකර් බර්ක් – වත්කම ඩොලර් බිලියන 52.5
1984 දී උපන් එලියට් සකර්බර්ග් ලොව ප්‍රකට ෆේස්බුක් සමාජ ජාලයේ නිර්මාතෘවරයාය.දැනට ෆේස්බුක් ආයතනයේ ප්‍රඔාන විධායක මෙන්ම ලොව ධනවත්ම තරුණ ව්‍යාපාරිකයා ඔහුය.එසේම ලොව ධනවතුන් අතර පස්වැන්නද ඔහුය.ලොව පුරා සමාජ සේවා කටයුතු රැසක් ඔහු සිදු කරයි.

02.ලූකස් වෝල්ටන් – වත්කම ඩොලර් බිලියන 11.2
ලූකස් වෝල්ටන් යනු වෝල්මාට් නිර්මාතෘවරයාගේ මුණුබුරුයා.1986 දී උපන් ලූකස් තම පියා වන ජෝන් වෝල්ටන් 2005 වසරේදී ගුවන් අනතුරකින් මිය යෑම නිසා පියාගේ ධනයේ උරුමකරු බවට පත් විය.ජෝන් වෝල්ටන් මෙන්ම ලූකස් වෝල්ටන්ද ලොව ප්‍රධාන පෙලේ ධානපතියෙක් වන අතර ලොව පුරා සමාජ සංවර්ධන කටයුතු පරිසරය සුරකීමේ කටයුතු හා සමාජ සේවා කටයුතු රැසකට දායක වෙයි.

03.ඩස්ටින් මොස්කොව්ටිස් – වත්කම ඩොලර් බිලියන 11
ඩස්ටින් මොස්කොවිටස් යනු මාර්ක් සකර්බර්ග් සමග ෆේස්බුක් ආරම්භ කල සම නිර්මාතෘවරයාය.ෆේස්බුක් ලොව පුරා ප්‍රචලිත කලේ මොහුය.මේ දෙදෙනා තවත් මිතුරන් දෙදෙනෙකු සමග හාවඩ් විශ්වවිද්‍යාලයේ එකට අධ්‍යාපනය ලබන අතරතුර ෆේස්බුක් නිර්මාණය කලහ.ලොව ප්‍රකට අසානා සමාගමේද සම නිර්මාතෘවරයා මොහුය.

04.එඩුවාඩෝ සවරින් – වත්කම ඩොලර් බිලියන 7.2
1987 දී උපන් එඩුවාර්ඩෝ ද ෆේස්බුක් සම නිර්මාතෘවරයෙකි.ෆේස්බුක් සමාගමේ කොටස් මිලියන 53ක් එනම් සියයට දෙකක් ඔහු සතුය.ලොව ප්‍රධාන පෙලේ සමාගම් රැසක ඔහු මුදල් ආයෝජනය කර තිබේ.

05.යෑන් හුයියාන් – වත්කම කොටස් බිලියන 7.5
1981 දී උපන් යෑන් හුයියාන් කන්ට්‍රි ගාඩින් ගොල්ඩින්හි යෑහ් ගුවොකියෑංගේ දියණියයි.ආසියාවේ ධනවත්ම කාන්තාව ඇයයි.ඔහායෝ විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය තම පියාගේ වත්කම් වලින් සියයට හැත්තෑවක හිමිකාරියයි.

06.ස්කොට් ඩන්කන් – වත්කම ඩොලර් බිලියන 5.5
තිස්තුන් හැවිරිදි ස්කොට් ඩන්සන් ලොව ප්‍රකට ඩන්කන් පවුලේ සමාජිකයෙකි ඔහුගේ පියාගේ මරණින් පසු එම වත්කම් ඔහුට හිමි විය.ඔහුගේ සමාගම් සතුව සැතපුම් පනස් දහසක් පුරා පැිරුණු ගෑස් හා ඉන්ධන ප්‍රවාහන නල ඇත.

07.නාතන් බ්ලෙවර්සයික් – වත්කම ඩොලර් බිලියන 3.8
නාතන් බ්ලෙවර්සයික් යනු ලොව ප්‍රකට එයාර් බී එන් බී සමාගමේ සම නිර්මාතෘවරයෙකි.1984 දී ඇමෙරිකා එක්සත් ජනපදයේදී උපන් නාතන් මයික්‍රෙෙසාෆ්ට් , ඔප්නෙට් හා බැටික් යන සමාගම් වල විවිධ තනතුරු රැසක් දැරීය.මේ වනවිට එයාර් බී එන් බී සමාගම ලොව පුරා සෑම රටකම පාහේ ව්‍යාපාර කටයුතු සිදු කරයි.

08.බ්‍රයන් චෙස්කි – වත්කම ඩොලර් බිලියන 3.8
කාය වර්ධන ශුරයෙකු වන බ්‍රයන් ලොව ප්‍රධාන පෙලේ තරුණ ධනවතෙකි.එයාර් බී එන් බී සමාගමේ සම නිර්මාතෘවරයා මෙන්ම දැනට ප්‍රධාන විධායක වරයාය.

09.ජෝ ගේබියා – වත්කම ඩොලර් බිලියන 3.8
එයාර් බී එන් බී සමාගමේ සම නිර්මාතෘවරයාය.1982 දී උපන් ජෝ ගේබියා රෝඩ් අයිලන්ඩ්හි විශ්වවිද්‍යාලයක ඉගෙනීම ලබද්දි තම මිතුරන් සමග එයාර් බි එන් බී සමාගම ආරම්භ කලේය.

10.ෆුලින් සෝං – වත්කම ඩොලර් බිලියන 2.7
ලොව ප්‍රධාන පෙලේ ධන කුවේරයකු වන සොං වින් හෝ ගේ දියණියයි.ලොව ප්‍රධාන පෙලේ පානීය ජල බෝතල් කිරි හා ඒ ආශ්‍රිත පාන වර්ග පලතුරු යුෂ සහ තේ වර්ග නිශ්පාදන සමාගම් ඇය සතුය.දැනට තිස් පස් වන වියේ පසුවන ඇය කැලිෆෝනියාවේ පෙපරඩයින් විශ්වවිද්‍යාලයේ උපාධිදාරිනයකි.සමාජ සේවා කටයුතු රැසක්ද ඇය සිදු කරයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!