Gossip

මිනිසාගේ මනස අන්තර්ජාලය සමග සම්බන්ධ වෙයි? සියලු තොරතුරු මෙන්න

ලොව ප්‍රථමවරට අන්තර්ජාලය සමග මනස සෘජුවම සම්බන්ධ කිරීමට පර්යේෂණ කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

එම පර්යේෂණ කණ්ඩායම වන්නේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පිහිටි විට්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම.

මනසේ සිතුවිලි ක්‍රියාත්මක වන වේලාවේම අන්තර්ජාලය සමග සම්බන්ධ වීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයක්.

මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ “බ්‍රේන්ටර්නේට්” යන නාමයෙන්.

මින් පෙර අවස්ථාවකදීද මනසේ සිතුවිලි සමග අන්තර්ජාලය සම්බන්ධ කිරීමට පර්යේෂණ කණ්ඩායමක් උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ.

මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය හේතුවෙන් සිතුවිලි හරහා පරිගණකය ක්‍රියාකරවීමේ ව්‍යාපෘතියද අවසාන අදියරට පැමිණ ඇති බවයි එහි පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!