Gossip

ජනපති මෛත්‍රී සහ හිටපු ජනපති මහින්ද එකතු වෙයි ? ඉදිරි ඡන්දය ගැන සාකච්ඡා රැසක්

ජනාධිපති නිල නිවසේදී ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

එහිදී සාකච්ඡා කර තිබෙන්නේ ඉදිරි මැතිවරණය පිළිබඳවයි.

මෙම සාකච්ඡාව අතරතුරදී මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බව වාර්තා වනවා.

ඊට අමතරව මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීමට මධ්‍යම කාරක සභාවේදී එකගතාව පළ වී තිබේ.

වර්තමානයේ ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමේ අවශ්‍යතාවක් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීම වැලැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!