Gossip

මොහිනීගේ මරණයට සාධාරණය ඉෂ්ඨ වෙයි

ඇගේ නම මෝහිනී අරෝරා. මිය යන විට 25 වන වියේ පසුවුණා.

ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ආර්.කේ. අරෝරාගේ මෝහිනී නම් දියණිය පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 16 වැනිදා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා.

මේ අනතුර සිද්ධ වුනේ ලන්ඩනයේ.

ගිය අවුරුද්දේ නොවැම්බර් 16 වැනිදා මෝහිනී කියන මේ තරුණිය තමන්ගේ සුපිරි BMW රථයෙන් වේගයෙන් තමන්ගේ ගමනාන්තය දක්වා මෝටර් රථය ධාවනය කරමින් ඉන්න කොට, තවත් පැත්තකින් ආපු රොමේනියානු ජාතිකයෙක් තමන්ගේ මෝටර් රථය සමග ගැටෙනවා.

මේ අනතුරින් ඉන්දියානු ජාතික තරුණිය මියගියත්, රොමේනියානු තරුණයා දිවි බේරාගත්තා.

අනතුරට හේතුව වුනේ රොමේනියානු ජාතික තරුණයා බීමතින් රථය පැදවීමයි.

එදා ඉදලා ඊයේ දින වෙනකන් සිදුකළ නඩු විභාග වලින් අනතුරුව එහි අවසන් ප්‍රතිඵලය වුනේ රොමේනියානු තරුණයාව අවුරුදු 6කට සිරගත කිරීමයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!