Gossip

අතුරුදහන් වූ සබ්මැරීනය හමුවේ

අතුරුදන් ආජන්ටිනා සබ්මැරීනය මුහුදේ අඩි 3000 ක්‌ යට ඇති බවට ඇමරිකානු අධිතාක්‍ෂණික ගුවන් යානාවක්‌ විසින් සොයාගෙන ඇත. සැන්ජුමන් නමින් හඳුන්වන මෙම සබ්මැරීනයේ නාවිකයන් 44 ක්‌ ගමන් කර තිබේ. ඔවුන් අතර කාන්තා නැවියෙක්‌ ද වේ.

එලියානා ක්‍රව්සියාන් නමැති ඇය ඇෆ්ගනිස්‌තාන නාවික හමුදාවේ සිටින එකම සබ්මැරීන් නිලධාරිනියයි. මෙම සබ්මැරීනයෙහි ඇති ඔක්‌සිජන් වායුව අවසන් වන බවට වාර්තා වී ඇත. ආජන්ටිනා සබ්මැරීනයේ සිටින නැවියන් කණ්‌ඩායම බේරා ගැනීම සඳහා මීටර් 600 ක්‌ ගැඹුරට යාහැකි ඇමරිකානු යාත්‍ර්‍රdවක්‌ ඉදිරිපත් වී තිබේ. එම යාත්‍රාවෙන් වරකට නැවියන් 18 ක්‌ බේරා ගත හැකිය.

එහෙත් සියලුම නැවියන් මරුමුවට පත්වී ඇති බවට ආජන්ටිනා නාවික හමුදාව නිවේදනය කර ඇත.

මෙම සම්බැරීනය තුළ පිපිරීමක්‌ සිදුවී තිබේ. එම පිපිරීමට අදාළ තොරතුරු ආජන්ටිනා නාවික හමුදාව වසන් කළ බවට නැවියන්ගේ ඥතීන් චෝදනා කර ඇත.

ආජන්ටිනා සබ්මැරිනයෙන් ලත් අවසන් පණිවුඩයෙන් පසු බරපතළ පිපිරීමක්‌ සිදු වී සියලුම නැවියන් මරුමුවට පත්වී ඇත. පසුගිය නොවැම්බර් 15 දා අතුරුදන් වූ ආජන්ටිනා සබ්මැරීනය පිපිරීමේ සිද්ධිය ආජන්ටිනා රජය ද දැන සිටි බව නැවියන්ගේ ඥතීන්ට වාර්තා වී තිබේ.

දවස්‌ ගණනාවක්‌ම රජය මේ පිපිරීම වසන් කර සබ්මැරිනය සොයන බවට පළ කළා. මෙය මුළු නාවික හමුදාවටම සිදුවූ අවමානයක්‌ බව කෝපයට පත් ඥතීන් කියා සිටියි.

මෙම පිපිරීම ඇමරිකාවද දැන සිටියත් තොරතුරු හෙළි කර නැත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!