Gossip

පිටිය මැදදී කෝලි රණ්ඩු වුණත් දික්වැල්ලට හොඳ කිව්ව හැටි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළවෙනි ටෙස්ට් තරඟයේදී දික්වැල්ල වෙලාව කනවා කියලා උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා ඔබට මතක ඇති.

මේ රණ්ඩුව ඇති වුණේ දික්වැල්ල, මොහොමඩ් ෂමී සහ කෝලි අතරයි.

ඒ ගැන රසල් ආනෝල්ඩ් වගේම මහේල ජයවර්ධනත් දික්වැල්ලට හොඳ කිව්වා. විරාත් කෝලිත් දෙවෙනි ටෙස්ට් තරඟයට කලින් තිබ්බ මාධ්‍ය හමුවේදී මේ ගැන කතා කරා. හැමෝම පුදුම කරමින් ඔහුත් දික්වැල්ලගේ ක්‍රියාව අගය කරා.

“මේ ගැන අපි ගුවන් යානයේදීත් කතා වුණා. මගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනියන්න මා ඕනෑම දෙයක් කරනවා. උණුසුම් අවස්ථා ඇති වෙනවා. ඒත් ඒවා පිටිය මැදදිම ඒ දේවල් අවසන් වෙනවා. ඕනෑම ප්‍රතිවාදියෙකුට අපි ගරු කරනවා. පුංචි ක්‍රීඩකයෙකු වුනත් ඔහු ආක්‍රමණශීලී වගේම ධෛර්ය සම්පන්නයි. එය දිගටම පවත්වාගෙන යාම ගැන ඔහුට ගෞරවය හිමිවිය යුතුයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ දේවල් ටිකක් කරාවී. ” කියලයි විරාත් කෝලි කිව්වේ.

ක්‍රික්බස් වෙබ් අඩවියට දික්වැල්ල මේ ගැන අදහස් දක්වලා තිබ්බා. “මම හිතන්නේ ඒ වැඩේ නිසා ඔවුන්ට පන්දුවාර 2 ,3 ක අහිමි වුනා” කියලයි දික්වැල්ල කිව්වේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!