Gossip

මයිකල් ජැක්සන්ගේ සුරූපී දියණිය බුදු දහම වැළඳගනියි

නැසීගිය ජනප්‍රිය පොප් ගායකයෙකු වන මයිකල් ජැක්සන්ගේ සුරූපි දියණිය වන පැරිස් ජැක්සන් බුදු දහම වැළඳගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පැරික් ජැක්සන් ගැන පසුගිය කාලයේ මහත් අන්දෝලනයට ලක්වුණු කතාබහක් ඇතිවුණා.

ඒ ඇය උඩු කය නිරුවත්ව, බුදු පිළිමයක් අසළ සිටින ඡායාරූපයක් අන්තර්ජාලය තුල පැතීරීමත් සමගයි.

කොහොමවුනත් පැරිස් පවසා ඇත්තේ බුදු දහමේ එන කරුණු සමග තමා එකග වන අතර ඒ අනුව ජීවත් වීමට උත්සහ කරන බවත්ය.

භාවනා කිරීම මගින් තමා තුල ඇති ආධ්‍යාත්මික ශක්තිය මතු කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබුණා.

පැරිස් මේවන විට වයස අවුරුදු 19වන වියේ පසුවනවා.

2009 ජූනි 25 වැනිදා සුපිරි පොප් රජු ලෙස හැඳින්වූ මයිකල් ජැක්සන් මිය යන විට පැරිස්ගේ වයස අවුරුදු 11 කි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!