Gossip

ඒ ආදරේ ලප් තැනම ලොප් වුණා, මොන කරුමයක්ද දන්නේ නෑ, මට හම්බෙලා තියෙන්නේ නරකම මිනිහා – Exclusive

දුලීකා මාරපන කියන්නේ අපේ රටේ ඉන්න ඉහළ පෙලේ දක්ෂ රංගන හැකියාවක් තියෙන සුපිරි නිළියක්.
ඇයගේ රංගනට හැම රසික හදවතක්ම ඇලුම් කරනවා.
ඒ තරමටම ඇය ඉදිරියෙන් සිටිනවා. පසුගිය දවසක ඇයගේ හිස මුඩු කර තිබීම ගැනත් ලොකු කතාබහක් ඇතිවුණා.
ඒ විදිහට දුලීකා හිස මුඩු කරලා තිබුණේ සුපර්ණා චිත්‍රපටයට.
ඉතිං දුලීකා මාරපනගේ ජීවිතේ ගැනත් අලුත්ම විස්තර ගැනත් හොයලා බලන්න වෙබ් ගොසිප් අපි දුලීකාට කතා කළා.

මොනවද මේ දවස්වල කරන්නේ..?
මේ දවස්වල මොනවද කරන්නේ කිය්න එක නෙවෙයි කියන්න ඕනේ මොනවද කළේ කියන එකයි.. වැදගත්ම දේ වෙන්නේ සුපර්ණා චිත්‍රපටයේ වැඩ සාර්ථකව අවසන් කළා.
බලාපොරොත්තු වුණු කාලය තුල අවසන් කරන්න පුළුවන් වෙච්ච එක වටිනවා. ඉතිං තාම ඒ වැඩත් එක්ක තමයි ඉන්නේ.

පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
අති විශාලයි.. සුපර්ණා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා බවට පත්වෙන් සුජීව අයියා. නිෂ්පාදකයා කල්‍යානි මහත්මිය. ආනන්ද අයියත් ලොකු හයියක් වුණා. ඔවුන් නැති වෙන්න මේක හීනයක් වෙන්න තිබුණා. ඒත් ඒ අයගේ සහයෙන් ඒ සිහිනය සැබෑ වුණා. මට ඒ සහය ඉතා වැදගත්. මට මේකේ ප්‍රඩක්ෂන් වැඩ කරගන්න පුළුවන් වුණේ ඒ නිසයි. මගේ ළඟින්ම කල්‍යානි අක්කා හිටියා. ඒ වගේම මගේ සහෝදරයා චන්දන මාරපන. ඒ දෙන්නා තමයි උදව් කළේ. ඒ වගේම හැම කලාකරුවෙකුගෙන්ම ලොකු සහයක් ලැබුණා.

මියුසික් වීඩියෝ හිට් කරගන්න නිරුවත් දර්ශන එකතු කිරීම ගැන මොකද හිතන්නේ..?
නිරුවත කියන්නේ ආට් එකක්. ඒත් අපේ රටේ ඒක ජරා විදිහට අමු අමුවේ ඉදිරිපත් කරනවා. මම චිත්‍ර ශිල්පියෙක් විදිහටයි මේ ගමන ආරම්භ කරන්නේ. නිරුවත් ස්ත්‍රී රූප අදිනවා පිරිමි රූප අදිනවා. ඒක ආට් ඇහැකින් බලන්න ඕනේ.. අමු අමුවේ හෙලුව පෙන්වන එක නෙවෙයි කරන්න ඕනේ. ඉතිං රූපවාහිනී කියන මාධ්‍ය දරුවොත් එක්ක එකට බලන මාධ්‍යයක්. ඉතිං සංවරභාවයක් තිබිය යුතුයි. අද ටැබ්, ස්මාර්ට් ෆෝන් හැමෝම ළඟ තියෙනවා. දරුවෝ නිසි වයසට කලින් ඒ දේවල් එක්ක ගැටුනාම මනස විකෘති වෙනවා. ඒ දේවල් අපි පියවරෙන් පියවර දරුවන්ගේ මසනට ඒවා දෙන්න ඕනේ.. ඉතිං සංඥමයකින් එ් දේවල් කළානම් ප්‍රශ්නයක් නෑ.

දුලීකා හිතනවද කලාව ඉස්සරහට වඩා අද දියුණු කියලා.. එහෙම නැත්නම් අද කලාව කියන දේ පිරිහිලාද..?
මෙහෙමයි දියුණු වෙලා තියෙනවා. හැබැයි ඒ තාක්ෂණයෙන්. ඉස්සර මැනුවල් කැමරාව පාවිච්චි කළේ හොඳ ඇහැක් තියෙන උගත් කෙනෙක්.
අද ඩිජිටල් කැමරාවක් ඕන කෙනෙක් අතේ තියෙනවා. Photo දාහයක් ගහපුවාම හතරක් විතර හරියනවා. මාධ්‍යයන් තුල වැඩ කරන හුඟක් අයත් එහෙමයි.. කතා කරන්න දන්නේ නෑ. භාෂාව ගැන අවබෝධයක් නෑ සමාජය ගැන දැනුමක් නෑ. පිටපතක් ඇරෙන්න එයින් පිට කතා කරන්න දීර්ඝ සංවාදයක යෙදෙන්න බෑ. ඔය තියෙන ගැටලුව තමයි. තාක්ෂණයෙන් දියුණු වුණත් අධ්‍යාපනික වශයෙන් ආකල්ප වශයෙන් අපි පල්ලෙහා. ඉතිං අපි ඒවා ගුණාත්මක කරගන්න ඕනේ. ඉස්සර මිනිස්සුන්ගේ පරිකල්පනය ඉහළයි. අපිට හදාගන්න ගොඩක් දේවල් තව තියෙනවා.

ආදරේ ගැන දැනෙන්නේ කොහොද..?
ආදරේ කියන්නේ මගේ ජීවිතේ එකම විදිහට හැමදාම බුක්ති විදින කෙනෙක්. මගේ ගාව ඉන්න සතා සිව්පාවන්ගෙන් හරි ආදරේ පෙරලා ලබාගන්න මම පිං කරලා තියෙනවා.
මෙහෙමයි තමන්ගේ පෙම්වතා හරි අම්මා තාත්තා හරි කවුරු හෝ වේවා ආදරේ බලාපොරොත්තු වෙන්න කලින් තමන් ආදරේ දෙන්න ඕනේ. එතකොටයි තමන්ට පෙරලා ආදරේ ලැබෙන්නේ.
ආදරේ බලාපොරොත්තු නොවී ආදරේ කරන්න් පුළුවන්නම් අන්න ඒකයි ජයග්‍රහණය. අපි මුලු මහපොලවටම ආදරේ කරන්න ඕනේ. සතාසිව්පාවුන්ට.. එතකොට තමන්ටම තේරෙනවා මොන තරම් විදිහට ඒ සතාසිව්පාවා පරිසරය තමන්ව ආරක්ෂා කරනවද කියලා. අද මිනිස්සු ආත්මාර්තකාමී වෙලා. මිනිස්සුන්ගේ ආදරේ ගිලිහිලා. සල්ලිවලට රූපයට ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නවා. අරයගේ පුතා මෙයාගේ පුතා මාර ගෙයක් තියෙනවා කියලා මානසිකත්වයකින් ආදරේ කරන්නේ.

ඉස්සෙල්ලම හිතට ආදරයක් දැනුනේ කොයි කාලෙද..?
මට ඉස්සෙල්ලම ආදරේ ගැන හැඟීමක් එන්නේ උසස්පෙළ පංතියෙදි. හැබැයි ඒක ලප් තැනම ලොප් වෙනවා. ඒ ආදරේ හිතට දැනුනට මල්ඵල ගන්නේ නෑ. මට දැනුන හැඟීම එයාටත් දැනෙන්න ඇති. හැබැයි කතාබහ කරන්න ලියුම් හුවමාරු කරන්න අපිට ලැබුණේ නෑ.

කී දෙනෙකුට විතර ආදරේ කරලා තියෙනවද..?
ඒක වෙනමම ලියලා ගණන් හදන්න වෙයි. අවංක වෙන්න ඕනනේ.. ආදරේ ඕන තරම් දැනිලා තියෙනවා. මම ආදරේ කරලා තියෙනවා. මොකද ඒක නිරෝගිමත් මිනිහෙකුගේ ලක්ෂණයක්. ලෙඩක් නෙවෙයි. තමන්ට ආදරේ ලැබුණට පස්සේ වෙන වෙන අය පස්සේ යනවනම් අන්න ඒකයි ලෙඩේ. මට ඉතිං ඕන තරම් ආදර සම්බන්ධතා තිබිලා තියෙනවා.

අද හුඟක් අයගේ විවාහ ජීවිත අවුල් වෙලා යනවා.. ඒකට හේතුව මොකක්ද..?
පළවැනිම දේ අවබෝධයක් නැතිකම. අපි ආදරේ කරනවා. විවාහ වෙලා ටික දවසක් යනකං ආදරේ රහයි, සුවඳයි, මාරයි.. ගද නෑ. හැබැයි විවාහ වෙලා මාස දෙක තුන යනකොට දාදිය ගද කටේ ගද දැනෙන්න පටන් ගන්නවා. මම හරියට අහලා තියෙනවා මොන කරුමයක්ද දන්නේ නෑ, මේ ලෝකේ නරකම ගෑණි, මොන කරුමයක්ද දන්නේ නෑ කියලා. ගෑණුත් එහෙමයි.. මොන කරුමයක්ද දන්නේ නෑ.. මට හම්බෙලා තියෙන්නේ නරකම මිනිහා. අන්න ඒ විවේචන නතර වෙන්න ඕනේ. පිට මිනිස්සු එක්ක ගෙදර ප්‍රශ්න කතා කරන්න හොඳ නෑ.
මොකද එළියේ මිනිස්සු එක්ක පවුලේ දේවල් විවේචනය කළාම ඒක වැඩිවෙනවා. පිට දේවල් ගෙදරට එනවා. ඒකනේ කියන්නේ ගෙදර ගිනි පිටට දෙන්නවත් පිට ගිනි ගෙදරට ගේන්නවත් හොද නෑ කියලා. නිතර නිතර රණ්ඩු වුණාම පිරිමියා නපුංසකයෙක් බවට පත්කරනවා. ගෑණි වෛශ්‍යාවක් වෙනවා… දරුවෙක් ඉන්නවානම් ඒක දැක්කම දරුවන්ගේ මානසික මට්ටම හැදෙන්නෙත් එහෙම.. ඒ නිසා අවබෝධයෙන් කල්පනාවෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ.

හරි විවාහ වෙලා එකට ජීවත් වෙන්න බැරි තරම් ප්‍රශ්නනම් අයින් වෙන එක නේද හොද..?
මම කියන්නේ කතාබහ කරන්න පුළුවන්නේ.. අවබෝධ කරගෙන ඉස්සරහට යන එක තමයි හොඳ. වෙන් වෙනවා කියන කාරණයට එන්නේ නොගැලපීම් වැඩිකෙනෙක් ලංවුණාමනේ. එහෙමනම් විවාහ වෙන්න කළින් ඒ දේවල් හිතන්න ඕනේ.. එහෙම වෙන්නේ සල්ලිවලට බාහිර ස්වරූපය හරි ටැලන්ට් එක හරි ගැන හිතලා විවාහ කරගෙන ටික දවසක් යද්දි ඔය ප්‍රශ්න එන්නේ. ඉතිං ගැලපෙන කෙනා ජීවිතේට ලංකරගෙන ඒ ගමන යන එකයි හොඳ. එහෙම නැතිවුණාම තමයි මේ තරම් දික්කසාද නඩු වැඩිවෙලා තියෙන්නේ.

කමල් අද්දරආරච්චි හරි ලකී ඩයස් හරිආදර යෝජනාවක් ගෙනාවොත් කාටද කැමැත්ත දෙන්නේ..?
කාටවත් කැමති වෙන්නේ නෑ.

මොනවද ඉදිරි බලාපොරොත්තු..?
සුපර්ණා ඉදිරි නිර්මාණයක් හැටියට දායදා කරන්න තමයි. ඒ වගේම මගේම සිනමා නිිර්මාණයක් ලබන අවුරුද්දේ රූගත කරන්න පටන් ගන්නවා. අපේ සිනමා කර්මාන්තයට හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හොඳින් හැමෝටම උදව් කරලා සතුටින් ඉන්න තමයි බලාපොරොත්තුව.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!