Gossip

කලාකරුවෙක් බිත්තර රකියි – පැටියෙකුත් බිහිවෙයි

කුකුල් පැටවුන් බිහි කිරීමේ අරමුණින් පුද්ගලයෙකු විසින් බිත්තර 10ක් රැකීමේ පුවතක් වාර්තා වනවා.

මෙහෙම වෙලා තියෙන්නේ ප්‍රංශයේයි.

කලාකරුවකු වන 44 හැවිරිදි එබ්‍රහම් පොයින් ෂිවල් නැමැති ඔහු ප්‍රංශයේ කෞතුකාගාරයක විශේෂ කුටියක් තුළ සති තුනක කාලයක සිට බිත්තර රැකීමේ කටයුතු සිදු කරන බවට වාර්තා වුණා.

පසුගිය මාර්තු 29 වනදා සිට එම බිත්තර රැකීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ෆැරන් හයිට් අංශක 98ක උෂ්ණත්වයක සිටයි මෙම කාර්යය කර ඇත්තේ.

දිනකට පැය භාගයක කාලයක් පමණක් ඔහු විවේක ගත්ත ද එම කුටියෙන් බැහැරට නොයන බවත් පසුගිය අගහරුවාදා දහවල් එක් බිත්තරයක් පිපිරී ඇති අතර සෙසු බිත්තර 9 තවදුරටත් රකින බවටත් වාර්තා වනවා.

මීට පෙර අදාල පුද්ගලයා මිය ගිය වලහෙකුගේ ශරීරය තුළ දින 14ක කාලයක් සිට ඇති අතර එහිදී ඔහු පනුවන් සහ කෘමීන් ආහාරයට ගෙන ඇති බව සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!