Gossip

කොළඹට පැමිණි මලයාසියානු යානය හරවා ගිය හේතුව හෙළිවෙයි

කොළඹ බලා පියාසර කරමින් තිබු මලයාසියානු යානය යළි ක්වාලාලාම්පූර් ගුවන්තොටුපල බලා හරවා යෑමට හේතුව  ගුවන් මගියෙකුගේ  කලහකාරී  හැසිරිම බවට අනාවරණය වී තිබෙනවා.

මලයාසියානු  ගුවන්සේවය නිවේදනය කළේ අදාළ මගියා බීමතින් කලහකාරී ලෙස යානය තුළ  හැසිරි ඇති බවයි.

ගුවන් යානයේ කාර්යය මණ්ඩලයට බාධා සිදුකිරිම  හේතුවෙන් එම  යානය යළිත්  ගොඩ බැස්වීමට නියමුවා පියවර ගෙන තිබෙනවා.

අනතුරුව කලහකාරී ලෙස හැසිරුණ මගියා මලයාසියානු ආරක්ෂක අංශ වෙත භාරදීමට පියවර ගෙන ඇති බව   මලයාසියානු ගුවන්සේවය සඳහන් කරයි.

2
ඊයේ(09)  රාත්‍රී ක්වාලාලම්පූර් ගුවන්තොටුපලින් පිටත් වු එම්.එච්.179 දරණ යානය රාත්‍රී 11.55ට කටුනායක ගුවන්තොටුපලට ළඟා විමට නියමිතව තිබුණි.

අදාළ සිදුවිම හේතුවෙන් ක්වාලාලම්පූර් ගුවන්තොටුපලින් පිටත් වු යානය පැයකට ආසන්න කාලයක් මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ගුවනේ රැඳී සිට යළි එම ගුවන්තොටුපලට ගොඩ බස්වා තිබෙනවා.

කෙසේවෙතත් අද උදෑසන යළි ගමන් ආරම්භ කළ එම යානය පෙරවරු 10.55ට පමණ කටුනායක ගුවන්තොටුපලට ළගා වු බව   වාර්තාවෙයි.

 

2

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!