Gossip

සජින්වාස් – අලුත්ගමගේ ඇතුළු ප්‍රබලයන් අත්අඩංගුවට ගනියිද?

පොලිස්  මුල්‍ය අපරාධ කො‍ට්ඨාශය විසින්  මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව දෙරණ වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

සජින්ද වාස් ගුණවර්ධන මහතා පසුගිය ආණ්ඩු සමයේ විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු  ලෙස කටයුතු කර තිබෙනවා.

පසුගිය රජය සමයේදී  සිදු වූවායැයි කියනු ලබන මුල්‍ය අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත ඔහුගෙන්  පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද විශ්වාසවන්ත ආරංචි මාර්ග දෙරණ වෙබ් ගොසිප් වෙත සඳහන් කරයි.

ඉන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන බවද බොහෝ විට එළඹෙන සඳුදා දින සජින්ද වාස් මහතාව අත්අඩංගුවට ගනු ඇති බව වාර්තා වෙයි.

මේ අතරම  හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එළඹෙන අගහරුවාද දින අත්අඩංගුවට ගැනීමට සැලසුම් සම්පාදනය කරමින් සිටින බවද වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

මේ ආකාරයට පසුගිය ආණ්ඩුව කාලයේදී විවිධ අක්‍රමිකතා ගැන වගකිව යුතු යැයි චෝදනා ඇති එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගනු ඇතැයි සඳහන්ය.

මේ අතර 19 වන  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ තීරණාත්මක සාකාච්ඡා පැවති අතරවාරයේදී  ශ්‍රී.ල.නි.ප. ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාට කියා සිටියේ අදාළ මුල්‍ය අපරාධ කොට්ඨාශය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශපාලනික වශයෙන් භාවිතා කිරීම සඳහා පිහිටුවා ඇති බවයි.

කෙසේ වෙතත් එහිදී  ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා විසින් කියා ඇත්තේ එවන් අගතිගාමී බවක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බව හා ඒ පිළිබඳව තමා සොයා බලන බවයි.

එසේම පසුගිය දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා අතර සිදු වු සාකච්ඡාවේදීද ඊට සහභාගී වු හිටපු ජනාධිපතිවරයාගේ ශ්‍රී.ල.නි.ප. නියෝජිත මන්ත්‍රීවරුන්ද අදාළ මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් දේශපාලන වශයෙන් ක්‍රියා කරනවාද යන්න කරුණු සාකච්ඡා කළ බවද කියැවෙයි.

sajinvass-&-mahindananda

 

1 Comment

1 Comment

  1. manju

    May 10, 2015 at 1:27 am

    kawda munta prabalayan kiyanne……. madya visin thamai mun prabalayo karala thiyenne….. minihek salli thibuna pamanin prabalayo wenne nehe……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!