Gossip

මම සරත් කොතලාවලව මැරි කළේ සල්ලිවලට – මේනකා මධුවන්ති වෙබ් ගොසිප් වෙත කෙරූ අනාවරණය මෙන්න

මේනකා මධුවන්ති කියන්නේ මේවෙනකොට හැමෝගෙම ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්. රංගනයට පමණක් නෙවෙයි නර්ථනයටත් දස්කම් දක්වන ඇය විවාහ වූ බවට දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ හුවමාරු වුණා. මේ ගැන වගේම ඇගේ අලුත් තොරතුරු ගැන අහන්න වෙබ් ගොසිප් අපි ඇයට කතා කළා.

01. මේ දවස්වල මොනවාද අලුත් තොරතුරු?
මේ දවස්වල චිත්‍රපටයක රූගත කිරීම් තියෙනවා. ඒ වැඩකටයුතු වල තමයි නියැලිලා ඉන්නේ.

02. මේනකා මධුවන්ති කියන්නේ රංගන ශිල්පිණියක් වගේම නර්තන ශිල්පිණියක්. දැන් මේනකා නර්තනයෙන් ඈත්වෙලාද ඉන්නේ?
නර්තනයෙන් ඈත්වෙලා නෑහැ. රියැලිටි තරඟවලට පවා ආරාධනා ලැබෙනවා. හැබැයි නර්තනය දැන් ගොඩක් කලා කියලා හිතෙනවා. ඒක නිසා දැන් චුට්ටක් අයින්වෙලා ඉන්නවා.

03. මේ දවස්වල ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙනවා නේද?
ඔව් ඔව් මං විවාහ වුණා කියලා කතාවක් යනවා නේද……

04. කොළඹ සන්නිය රිටන්ස් චිත්‍රපටයේදී හරි සරත් කොතලාවල වගේ ප්‍රවීණයෙක්ව විවාහ කරගන්න ලැබුණු එක ගැන මොකද හිතන්නේ?
මෙහෙමයි සරත් කොතලාවල කියන්නේ ජ්‍යෙෂ්ඨ නළුවෙක්. මගේ තියෙන වාසනාවක් ඒවගේ කෙනෙක් එක්ක රඟපාන්න ලැබීම ගැන. අනික ඒ චිත්‍රපටය පරණ හොඳ ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක්. ඉතින් ඒ චිත්‍රපටයේ දෙවන කොටසට මාව සම්බන්ධ කරගැනීම ගැන ඉස්සෙලාම මං හර්ෂට ස්තුති කරනවා. ඉතින් සරත් කොතලාවල වගේ කෙනෙක් විවාහ කරගන්නවා කියන කතාවට දෙන්න තියෙන පිළිතුර තමයි ඒ චිත්‍රපටයේ කතාවට අනුව තමයි විවාහ කරගන්නේ.

05. කොළඹ සන්නිය රිටන්ස් චිත්‍රපටයේ සරත් කොතලාවල සමග රඟපාන්න තියෙන්නේ කොයිවගේ චරිතයක්ද? ඒ කියන්නේ කීකරු බිරිඳකගේ චරිතයක්ද?
එයා මැරි කරන්නේ සල්ලිවලට. එයාගේ සල්ලි තණ්හාවට මැරි කරලා එයාව මගේ පාලනයට ගන්නවා. එහෙම චරිතයක් වටා තමයි මගේ චරිතේ නිරූපණය වෙන්නේ.

06. ළඟදි විවාහ වෙන්න අදහසක් තියෙනවාද?
ඒවා ඉතින් ඉදිරියට වෙයි නේද ඉතින්. ළඟදීම බලමු?

07. මේනකාට ඒ චිත්‍රපටය රූගත කරන වෙලාවේදී වෙච්ච අමතක නොවන සිදුවීම මොකද්ද?
දර්ශන තලයේදී ගොඩක් එහෙම සිදුවීම් සිදුවුණා. ඒක විකට චිත්‍රපටයක්. ඒකටම කියාපු කට්ටියක් ඒකේ ඉන්නවා. ගොඩක් ලස්සන ලස්සන සිදුවීම් ගොඩක් තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!