Gossip

බිල් ගේට්ස් වින්ඩෝස් වලට වඩා ඇපල් හොද බව පිලිගනියි

ලොව පුරා පෞද්ගලික පරිගණක නැතහොත් පර්සනල් කම්පියුටර්ස් භාවිත කරන්නන් බොහෝ දෙනෙක් භාවිත කරන්නේ PC.

එම කම්පියුටර්වල ක්‍රියාත්මක වන්නේ මයිකේ‍රාසොෆ්ට් ඔපරේටින් සිස්ටම් නැතහොත් Windows.

එම කම්පියුටර් භාවිත කරන ටෙලෙස්කෝප් පාඨකයන්ට වුණත් කීබෝඩ් එකේ ඉතාමත්ම හුරු කමාන්ඩ් එකක් ලෙස Control – Alt – Delete සැලකිය හැකිවන්නේ, ඔබට කම්පියුටර් එකකට ලොග් වන්නට අවශ්‍ය වූ සෑම විටකම කීබෝඩ් එකේ ඉහත කී බොත්තම් 3 එකවරම යෙදීමේ කරදරකාර අත්දැකීමටත්, ඊටත් වඩා වහගන්න බැරි ප්‍රෝගෑම් එකක් බලහත්කාරයෙන් වහන්නටත් ඒ වගේම ප්‍රෝගෑම් එකක් හිරවී කම්පියුටර් එක Freeze වූ විට කිසිවක් ක්‍රියාත්මක නොවී කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්වන කම්පියුටර් එක යථා තත්ත්වයට ගෙන ඒමට ඉහත බොත්තම් 3ම එකවර යෙදීමේ වධකාර අත්දැකීමටත් පරිගණක භාවිත කරන කාලය පුරාවටම බහුලවම මුහුණ දුන් බැවිනි.

MS – DOS ඔපරේටින් සිස්ටම් එක IBM සමාගමට විකිණීමෙන් ධනවත් වූ බිල් ගේට්ස්, Windows  නිසා පසුගිය දශක 2කට වැඩි කාලයක් පුරාවට ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් වැජඹෙනවා. පසුගිය බදාදා නිව්යෝර්ක් නුවර ගෝලීය ව්‍යාපාර සමුළුවකදී ඔහු තමා විසින් දශක 3ක් තිස්සේ ලොව ජනප්‍රියම ඔපරේටින් සිස්ටම් එකට එවැනි කරදරකාරී කමාන්ඩ් එක යෙදීම ගැන කනගාටුව ප්‍රකාශ කළා. ඔහුගේම වචනවලින් කියතොත් මට ඉතා කුඩා සංස්කරණයක් හෝ කළ හැකි නම් මම එම කමාන්ඩ් එක එක බොත්තමකින් සිදුකළ හැකි ලෙසට නිමවනවා.

වසර 2013දී බිල් ගේට්ස්ම මෙම කමාන්ඩ් එක ගැන IBM සමාගමට වරද පටවමින් කතා කළා. ඔහු අතරමඟදී අධ්‍යාපනය හැරගිය හාවඩ් විශ්වවිද්‍යාලයේදී, ගේට්ස් පැවැසුවේ අපිට තිබුණා එක බොත්තමක් දාන්න. ඒත් අයි. බී. එම්. කීබෝඩ් එකේ සැලසුම් නිර්මාණ ශිල්පියාට ඕන වුණේ නැහැ අපිට එක බොත්තමක් දෙන්න.

ඇපල් කම්පියුටර් භාවිත කරන්නන් හට එක බොත්තමක් ඔබා ලොග් විය හැකියි. ඒ වගේම ඇපල් කම්පියුටර් PC වගේ හිර වෙන්නේ නැති හේතුවෙන් එම කමාන්ඩ් එක ලොග් වීමට පමණක් සීමා වෙනවා. කෙසේ වෙතත් ලොව ධනවත්ම වගේම බලසම්පන්නම පුද්ගලයකු වන බිල් ගේට්ස්, ඔහුගේ බිරිය සමඟ පිහිටුවා ඇති බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් ෆවුන්ඩේෂන්, ලොව ත්‍යාගශීලීම පෞද්ගලික ආධාර පදනම ලෙස පිළිගැනෙන අතර වසරක් පාසා අති විශාල ධනස්කන්දයක් ලෝකවාසීන්ගේ යහපත පුරා පරිත්‍යාග කරනවා. ඉතින් එවැනි පුද්ගලයකු කෙතරම් බලපුළුවන් වුවත් තමාගේම නිමැවුමක් ගැන කනගාටුව ප්‍රකාශ කරන්නට තරම් නිහතමානී වීම ඒ තරම් පුදුමයක් නොවන්නට පුළුවන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!