Gossip

“අසන්ත ද මෙල්ට පිත්තෙන් පිළිතුරු දී ක්‍රිකට් පිටියෙන් නික්ම ගිය මාවන් අතපත්තු”

ශ්‍රි ලංකා ක්‍රිකට්ලෝලි ඔබේ මතකය 2007 අවධිය ගෙන යතොත් එහි යලි යලිත් මතක් කොට රසවිඳීමට තරම් මතකයන් අපමණය.
එංගලන්තය තුල එංගලන්තය පූර්ණ තරඟමාලා පරාජයකට ලක් කිරීම පටන් 2007 ලෝක කුසලානයේ ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ වේදනබර මතකයන් සමඟින් එකී සොඳුරු කාලවකවානුව තුල සිහිකොට රසවිඳීමට ඇති මතක ඉසව් අතර සැඟවී ගිය එක් කටුක මතකයක් වේ.
ක්‍රීඩා පරිපාලනයේ නිරුවත මෙන්ම ක්‍රීඩකයන් සහ පරිපාලනය අතර ඇවිලී ගිය රසවත් ගැටුම් ද මෙරට ක්‍රීඩා පරිපාලනය තුල අලුත් අත්දැකීම් නොවන අතර 2007 එනම් ශ්‍රි ලාංකීය ක්‍රිකට් හී ස්වර්ණතම අවධියක පවා එවන් ගැටුමක් ඇතිවීම නම් අතිශයින්ම විරළ සිදුවිමක් ය.
මාවන් අතපත්තු, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුල බිහිදූ සුහුරු දකුණත් ආරම්භක පිතිකරුවෙක් වූ මාවන් අතපත්තු, සනත් ජයසූරියගෙන් හිස් වූ ක්‍රිකට් නායක කිරුළ පවා දැරූ අතර පුළුල් නළතලයත් තියුණු දෑසකුත් හිමි දකුණත් හුරුවා එකල අතිභයානක සනත් ජයසූරියගේ ආක්‍රමණශීලී පිතිහරඹය අතරතුර අනෙක් අන්තයෙන් කඩුල්ල ස්ථාවරව තබා ගැනීමට කදිමට ගැලපුණ ක්‍රීඩකයෙකු විය.
2006 වසරේ පිට කොන්දේ අබාධයක් සමඟින් පිටියෙන් තාවකාලිකව විශ්‍රාම ගන්නා මාවන් එය ඔහුගේ ක්‍රිකට් දිවියේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් වේ යැයි සිහිනෙන් හෝ නොසිතන්නට ඇත. මාවන්ගේ හිස් වූ නායකත්වයට තරුණ නායක මහේල ජයවර්ධන පත්වූ අතර ඉන් අනතුරව මහේලා ජයවර්ධනගේ නායකත්වය යනු ශ්‍රි ලාංකීය ක්‍රිකට් පොතෙහි රනින් ලිය වූ වෘතාන්තයක් බවට පත් විය.
කෙසේ වෙතත්, අබාධය හේතුවෙන් අහිමි වී ගිය නායකත්ව කිරුළද රහිතව මාවන් අතපත්තු ශ්‍රි ලංකා කණ්ඩායම සමඟින් 2007 වසරේ කැරබියන් දූපත් කරා පියාසර කරන්නේ අම්බලන්ගොඩ සිට පැමිණි නවක වමත් පිතිකරුවෙකු ඔහුගේ ස්ථානයට දැඩි අභියෝගයක් එල්ල කරමින් තිබූ වටපිටාවකය. නමුත් ජේශ්ඨ ක්‍රීඩකයෙකු ලෙස ඔහු ලෝක කුසලානය වෙත එක්වන්නේ දැඩි බලාපොරොත්තු සහිතවය.
කෙසේ නමුත්, අසන්තද මැල් ප්‍රමුඛ තේරීම් කමිටුව හා පැවතියේ වෙනත් අභිලාශයකි.
මාවන් අතපත්තු ලෝක කුසලානය පුරා බංකුව මත හිඳ තරඟ නර්ඹන්නෙකු ලෙස කල් ගෙවූ අතර ඔහු ආපසු ශ්‍රි ලංකාව කරා පැමිණෙන්නේ දැඩි ලෙස බිඳුණු හදවතකිනි.
ලෝක කුසලාන අමිහිරි පාරජයට පසුව ශ්‍රි ලංකා කණ්ඩායම බංග්ලාදේශ තර්ඟ සංචාරයක නියැලුණු අතර මාවන් අතපත්තු එවරද සංචිතයට නම් කොට තිබිණි.
කෙසේ නමුත් පෞද්ගලික හේතුන් මත ඔහු සංචිතයෙන් ඉවත් වූ අතර ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා මාවන් අතපත්තු නම්කොට තිබුණේ නැත. කෙසේ නමුත් කුමාර් සංගක්කාරගේ අබාධයට ලක්වීමත් සමඟින් මාවන් අතපත්තු සංචිතය වෙත කැඳවීමට අසන්තා ද මැල් සුදානම් වුවද මාවන් අතපත්තු එය නොසලකා දැමීය.
දෙපස ඇවිලෙන විලක්කුව නිවා දමන්නට එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි ගාමිණි ලොකුගේ මහතාගේ මැදිහත්ව වන අතර ඔහුගේ ඉල්ලීම මත මාවන් අතපත්තු සංචාරයට එක් වූ අතර එතෙක් කල් මරමින් තිබූ කාල බෝම්බය පුපුරා යන්නේ ගැබා පිටියේ පැවැති පළමු ටෙස්ට් තරඟය අතරතුරය.
ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට ශ්‍රි ලාංකීය පිතිකරුවන් පැවිලියම වෙත පියමනින විට මාවන් අතපත්තු සටන්කාමී අර්ධ ශතකයක් රැස් කරන්නේ අසන්තා ද මැල් ගේ තෙරීම් කමිටුවට අතුල් පහරක් එල්ල කරමිනි. පිත්තෙන් පිලිතුරු දීමෙන් නොනැවතුණු මාවන් මාධ්‍ය ඉදිරියේ අසන්තා ද මැල්ගේ වස්ත්‍ර උනාදමන්නට විය.
ශ්‍රි ලාංකික තේරීම් කමිටුව “ජෝකර් කෙනෙකුගේ නායක්තවයෙන් යුත් රූකඩයන් තිදෙනෙකුගේ නාඩගමක්” යැයි ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද අතර අසීරු තරඟමාලා සඳහා වයස 37,38 ක්‍රීඩකයන් ගෙන්වීමට සිදුවීම තේරීම් කමිටුවේ නොහැකියාව කියාපාන බවද මාවන් කියා සිටින්නට විය.
මෙම මාවන් – මෙල් ගැටුම 2004 වසර දක්වා දිවයන්නක් වූ අතර මාවන් විසින් කණ්ඩායම වෙත නවක ක්‍රීඩකයන් රැගෙන ඒමට දරන ලද උත්සහය අතරතුර දෙපාර්ශවය අතර මතභේදාත්මක තත්වයක් ඇති වී තිබිණි.
ඔහු තවදුරටත් ක්‍රීඩා පරිපාලනය වෙත ප්‍රබල චෝදනාවක් ගෙන එන්නේ මෙරට ක්‍රිකට් පරිපාලනයේ සමහර නිළධාරීන් කණ්ඩායම තුල භේද ඇතිකිරීමට හා එවන්නක් පිටතට පෙන්වීමට උත්සාහ දරන බව පවසමිනි. ඔහුගේ සෘජු චෝදනා ලෝපුරා පැතිර යන්නට වූ අතර ශ්‍රි ලංකා ක්‍රික්ට් පරිපාලනයේ කීර්තිනාමය දෑස් පනාපිට සේදි යන්නට විය.
කෙසේ නමුත් මාවන්ගේ මෙම ප්‍රකාශ සම්බන්ධව පාලක ම්ණ්ඩලය විනය පරීක්ෂණයක් කැඳවූවද ඔහු ඉන් පසු පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ජාත්‍යන්තර පිටියට සමු දී යන්නට විය. ජාත්‍යන්තර පිටියට සමු දී ඉන්දීය ක්‍රිකට් ලීගය හා සම්බන්ධ වූ මාවන් අතපත්තු පසුකලෙක ඔහු විසින්ම දැඩි ලෙස චෝදනාවකට ලක් ක< ශ්‍රි ලංකා ක්‍රිකට් පරිපාලනය තුලම පුහුණුකරුවෙකු වීම දෛවෝපගත සිද්ධියක් විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!