Gossip

“කොයි තරම් සියුමැලිද කලුගල් සිතන්නටවත් බැරි නිසා.. මම ගියා අවුකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා.” – Photos

දක්ෂයන්ගේත් අති දක්ෂයෙක් ගැනයි අපි මේ කියන්න යන්නේ.
ලොව හොඳම චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන් පවා මවිතයට පත් කළ සංවේදී හදවතක් ඇති කලාකාමී චරිතයක් තමයි මොහු.
නමින් මහින්ද පෙරේරා.
දඹුල්ල රජමහා විහාරයේ අලුතින් හදපු කොටසේ මුර්ති චිත්‍ර වලින් භාගයක උරුමකාරයා තමයි මොහු. මහින්ද හදපු මූර්ති වගේම නෙලූ පිළිමත් බොහෝමයි.ි
ඒ වගේම “භාව සංකලන’ වගේ චිත්‍ර ප්‍රදර්ශන රාශියක් මොහු කරලා තියෙනවා.
මාර්ශල් ආර්ට් වල පරතෙරටම ගිය ශිල්පියෙක් වෙන මහින්ද රටට ලොකු සේවයක් ලබාගන්න පුළුවන් කෙනෙකු කිව්වොත් නිවැරදියි.

ඡායාරූප පහතින්…

කොයි තරම් සියුමැලිද කලුගල්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දැස් දුන් මිනිසා සොයා……. //

කලා වැව ලග ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රල දිහා….. //

ඉසුරුමුණියේ නුඹ තැනු
පෙම්බරිය කොතනද කියා
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා….. //

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!