Gossip

සැමියාගේ කේන්තිය ආදරණීය බිරිඳව එළොව යවයි

අවුරුදු දෙකහමාරක් විදේශගතව ඉඳලා ලංකාවට ආපු බිරිඳට පිහියකින් බෙල්ලට කොටලා ඝාතනය කළ සැමියා පසුගියදා උදෑසන හසලක පොලිසියට බාරවී තිබුණා.
මෙම ඝාතනයට හේතුව දෙදෙනා අතර කලක සිට පවුල් ආරවුලක් බවයි පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ කොලොන්ගොඩ, හසලක පදිංචි තලවතුරේ ගෙදර ශ‍්‍රියානි දයාරත්න නැමැති වයස 42 වු තිදරු මවක්.
පිහිපහර කෑ බිරිඳ එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
ඉන් පසුව බිරිඳගේ සිරුර නිවස අසල වූ කුඹුරේ කමතට ඇදගෙන ගොස් පිදුරු ගොඩකට දමා ගිනි තබා තිබෙනවා.
බිරිඳ විදේශගතව සිට මීට සතියකට පමණ පෙර ලංකාවට පැමිණ ඇති අතර, ඇය ඇයගේ හසලක කොලොන්ගොඩ නිවසට නොපැමිණ, ඇය ගේ මවගේ ගම්පොල නිවසට ගොස් ඇත.
එහි සතියක් පමණ රැඳී සිට පෙරේදා (06) මව සමග කොලොන්ගොඩ නිවසට පැමිණ ඇති අතර මව උදෑසන නුවර බස් රථයකට නග්ගවා නිවසට පැමිණ ආහාර ගනිමින් සිටියදී සැමියා සමග ආරවුලක් ඇතිව ඇත. එහිදී සැමියාගේ පිහි ප‍්‍රහාරයකට ලක්ව කාන්තාව මියගොස් ඇත.
වැඩබලන මහියංගන මහේස්ත‍්‍රාත් එස් ගෝවින්ද මහතා විසින් මහේස්ත‍්‍රාත් පරික්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මරණ පරික්ෂණය සිදු කිරිම සඳහා සිරුර මහියංගන මුලික රෝහල වෙත යොමුකරන ලෙසට නියෝග කර තිබුණා.
පොලිස් භාරයට පත් වු ඝාතනයට ලක්වු කාන්තාවගේ සැමියා මහියංගන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
හසලක පොලිසියේ නව ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක කපිල බංඩාරගේ ප‍්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති. උප පොලිස් පරික්ෂක එච් එම් ජි හේරත් මහතා ඇතුලූ‍ පොලිස් නිලධාරින් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!