Gossip

දැරියකට මූත්‍රා සමඟ බියර් පොවමින් මාස 03ක් දූෂණය කළ වෙළෙන්දෙක්!

girl

 

වයස අවුරුදු 15 ක දැරියක් මාස 03ක පමණ කාලයක් බලහත්කාරයෙන් රඳවාගෙන ඇයට බියර් පොවමින් ද තමන්ගේ මුත්‍රා පානය කරවීමට සලස්වමින් ද වරින් වර ඇයව දූෂණය කරමින් ද සිටි 21 හැවිරිදි තරුණයෙකු පිළිබඳ පුවතක් මාතරින් වාර්තා වෙනවා.

මෙම අමානුෂික සිද්ධිය සිදුකර තිබෙන්නේ මාතර දික්වැල්ල ප්‍රදේශයේ මාළු වෙළඳාමේ නිරතවන තරුණයෙක්.

ඔහුගේ කෘෘර වධහිංසාවන් ඉවසාගත නොහැකිව මෙම දැරිය එතැනින් පැන පොලීසියට පැමිණ තිබෙනවා.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමාට වරින් වර අතවර කළ ඔහු, ඔහුගේ මුත්‍රා බෝතලයකට දමා තමාට පානය කරන්නට බල කළ බවත් තමා එසේ නොකරන විට පොලුවලින් පහරදුන් බවත් ය.

මේ දැරිය ලබා දුන් තොරතුරුවලට අනුව පොලිසිය ඒ ස්ථානයට ගොස් ඇති අතර ඒ වනවිට අදාළ සැකකාර තරුණයා එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.

දැරියට පහරදුන් පොලු සහ බියර් ටින් එම ස්ථානයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර දැරිය වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහා මාතර රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වෙන්නේ.

 

girl

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!