Gossip

කොටදෙණියාවේ කොණ්ඩයා අල්ලන්න පොලිස් මෙහෙයුමක්!

CONDAYA

කොටදෙණියාව සේයා සදෙව්මී ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන පසුව මුදා හළ දුනේෂ් ප්‍රියශාත්ත නොහොත් ‘කොණ්‌ඩයා’ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක්‌ අරඹා තිබෙන බව වාර්තා වේ.

 පෙරේදා (19) රාත්‍රි 8.30 ට පමණ වත්තේ සිටින එළදෙනක කෑ ගසන ශබ්දය ඇසී ගොස්‌ බලද්දී කොණ්‌ඩයා නමැත්තා එළදෙන අසල සිට පැන ගිය බව අදාළ නාවික නිලධාරියා ප්‍රකාශ කර තිබෙන අතර එළදෙනගේ ගෙල පෙදෙස සිරකර බැඳ තිබූ බවත් සැකකරු එළදෙනට අස්‌වාභාවික වධ දී ඇති බවත් ඔහු සඳහන් කොට ඇත.

පසුව ගෙවත්ත පරීක්‍ෂා කරද්දී සැකකාර කොණ්‌ඩයාගේ ඇඳුම් කිහිපයක්‌ සහ කාන්තා යට ඇඳුම් කිහිපයක් ද හමුවී තිබෙන බවත් මීට මාසයකට පමණ තම දියණියකගේ කාමරයේ වහළ මත උළු කැට කිහිපයක්‌ ද ගලවා තිබූ බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මෙය ද කොණ්‌ඩයා විසින් සිදුකර ඇතැයි සැකකරන බව ඔහු පොලීසියට පැමිණිලි කර තිබෙන අතර පසුගිය කාලයේදී කොණ්ඩයාගේ රුව නිතර මාධ්‍ය ඔස්‌සේ දැක ඇති නිසා තම වත්තේ සිටියේ ඔහු බවට තමා පැහැදිළිව හඳුණා ගත් බව නාවික නිලධාරියා පවසා ඇත.

 

 

 

 

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!