Gossip

මේ දිනවල ලංකාවට අධික උෂ්ණත්වයක් – එළියට යනවා නම් මේ දේවල් අනුගමනය කරන්න

el_nino_

ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ, එළිමහනේ අව්වට නිරාවරණය වී කරන කටයුතුවලින් වැලකී සිටීම යෝග්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිසියම් ලෙසකින් එළිමහනේ සේවය කළ යුතු නම් විජලයෙන් පීඩා විඳීමෙන් වලකිනු පිණිස නිරන්තරයෙන් ජලය පානය කළ යුතු බව දෙපාර්තමේන්තුවේ උපදේශයයි.

දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල ඒ බව සඳහන් කළේ ගතව ගිය සති දෙකක පමණ කාලය තුල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක දෙකකින් හෝ දෙකහමාරකින් පමණ ඉහල යාම පිළිබඳව බීබීසී පුවත් සේවය සමඟ අදහස් දක්වමින්ය‍

එල් නීනෝ

මේ තත්වයට ප්‍රධාන හේතුව සුළං රටාවල ඇති වී තිබෙන වෙනස්කම් බව පවසන ඔහු, පැසිෆික් සාගරයේ පවතින එල් නීනෝ තත්ත්වයක්ද එයට වක්‍රාකාරව බලපාන්නට ඇති බවත් සඳහන් කළේය.

sp_temperatura_pacifico

“ලංකාවේ වායුගෝලයේ පහත් මට්ටම්වල ජල වාෂ්ප අධිකවීමත්, ඉහල වායුගෝලයේ ජලවාෂ්ප හුඟාක් අඩුවීමත් මේකට ප්‍රධාන වශයෙන් හේතුවෙලා තියෙනව,” ඔහු පැවසීය.

මාර්තු, අප්‍රේල් මාසවල ලංකාවේ පවතින අන්තර් මෝසම් වැසි පමාවීම මෙසේ උෂ්ණත්වය ඉහළයාමට තවත් හේතුවක් බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

“නමුත් ඉදිරි සතිය තුල අපි බලාපොරොත්තු වෙනවා අන්තර් මෝසම් කාලගුණය ඇතිවේවියි කියල. එහෙම වුනාම තරමක් දුරට උෂ්ණත්වයේ සුළු අඩුවීමක් අපිට දකින්නට පුළුවන්.”

මැලේසියාව

මේ වනවිට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 37.8 ක් සහ 37.9 ක් අතර පවතින බව පවසන ඔහු, මීට ඉහතදී ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 39 දක්වා ඉහල ගිය අවස්ථා තිබෙන බවත් පෙන්වා දෙයි.

මේ වනවිට මැලේසියාවේ පවතින උෂ්ණාධික කාලගුණය සහ ශ්‍රී ලංකාවේ පවතින කාලගුණය ඉතා සමාන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මේ නමුත් පවතින වියලි කාලගුණයේ ප්‍රතිඵලයක් වශයෙන් ආහාර හිඟයක් පවා ඇතිවීමට ඉඩ තිබෙන බවට ඇතැමුන් නගන තර්කයේ පදනමක් නොමැති බව අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල වැඩිදුරටත් පැවසීය.

 

බීබීසී සංදේශය අසුරෙනි…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!