Gossip

පල්ලෙකැලේ පුරුද්ද එංගලන්තයටත් යයි, නොසිතූ මොහොතක පිටියට ඊතල ප්‍රහාරයක් – වීඩියෝ

පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයත් සමඟින් පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී බෝතල් ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ මෙන්ම ප්‍රවෘත්ති නාළිකාවන්වලද ප්‍රධාන මාතෘකාවක් ලෙසින් කතාබහට ලක්වුණා. එම තරඟය මිනිත්තු 30කට පමණ නතර කිරීමට පසුව සිදුවුණා.

මේ අතර ඊයේ (31) එංගලන්තයේ ප්‍රාන්ත තරඟයක් අතරතුර ක්‍රීඩාංගණයට ඊතල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එය ක්‍රීඩයින්ට දෙසට වේගයෙන් පැමිණ බිම පතිත වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

එහි ඇති අවධානම සැලකිල්ලට ගෙන තරඟය අතරමඟ නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කර තිබෙනවා. පොලිසිය විසින් මෙය සිදුකළේ කවුරුන්දැයි පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ සිද්ධිය අවස්ථාවේ වීඩියෝවයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!