Gossip

“උඹේ ලියුම හම්බුණා. පෝයට කඩේ වහන්නෑ. එච්චරයි” – හිමිනමකගේ ලිපියකට වෙළඳසැල් අයිතිකරුවෙක් ලිව්ව පිළිතුරු ලිපිය

පොහොය දිනයන්වලදී බොහෝ ප්‍රදේශවල වෙළඳසැල් වසා තැබෙනවා.

බෞද්ධයන් පමණක් නෙවෙයි අන්‍යාගමික වෙළඳසැල් හිමියන් පවා පොහොය දිනයන්වලදී වෙළඳසැල් විවෘත නොකරන අවස්ථා දැකගන්නට තියෙනවා.

ඒත් අනිවාර්යයෙන් වෙළඳසැල් වසා තැබිය යුතු බවට නීතියක් නම් නෑ.

හැබැයි මේ වෙනුවෙන් සමහර ප්‍රදේශයන්වල පන්සල්වල හිමිවරුන් මේ වෙළඳසැල්වලින් ඉල්ලීම් කරපු නිසාත් මෙහෙම වෙළඳසැල් වසා තැබෙනවා.

ඒත් මුහුණු පොතේ අපි දැකපු ලිපි දෙකක් සම්බන්ධයෙන් තමයි අපි ඔබට මේ කියන්න යන්නේ.

මේ සිදුවීම වෙලා තියෙන්නේ කදුරුවෙල ප්‍රදේශයේයි.

කදුරුවෙල බස් නැවතුම්පළේ වෙළඳසැල් කිහිපයක් පසුගිය පසළොස්වක පොහොය දිනයේ වසා නොදැමූ නිසා ඔවුන්ව නැවත දැනුවත් කිරීමට එම ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන්වහන්සේ නමක් ඔවුන්ට ලිපියක් යවා තිබෙනවා.

නමුත් මෙයට පිළිතුරු ලිපියක් ලෙස අදාළ වෙළඳසැල් හිමියාද ලිපියක් යවා තිබෙන්නේ “පුළුවන් දෙයක් කරපන් කඩ වහන්නේ නෑ කියලයි”.

මේ එම ලිපි දෙකයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!