හොලිවුඩ්

ශ්‍රී ලංකාවට ගෙනා Mars චොකලට් තොග නැවත කැඳවයි

mars

ලොව චොකලට් වෙළඳපොළේ දැවැන්තයෙකු ලෙස සැලකෙන අමෙරිකානු මාස් සමාගම රටවල් 55ට අපනයනය කළ චොකලට් තොග නැවත කැඳවීමට තීරණය කර තිබේ.

මීට හේතු‍වී ඇත්තේ අමෙරිකානු මාස් සමාගමේ නෙදර්ලන්ත කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කළ ස්නිකර් නැමැති චොකලට් කැබැල්ලක ප්ලාස්ටික් කැබැල්ලක් හමුවීමයි.

මෙම ප්ලාස්ටික් කැබැල්ල හමුවී ඇත්තේ ජර්මන් ජාතිකයෙකු විසින් ආහාරයට ගත් ස්නිකර් චොකලට් කැබැල්ලකය.

එම ප්ලාස්ටික් කැබැල්ල හමුවී ඇත්තේ අදාළ පුද්ගලයා පසුගිය මස ආහාරයට ගත් ස්නිකර් චොකලට්ටුවකය.

මේ සමග නෙදර්ලන්ත කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කර ලොව රටවල් 55ට අපනයනය කළ චොකලට් තොග නැවත කැඳවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම රටවල් අතර ශ්‍රී ලංකාව ද අයත්ය.

ඒ අනූව නෙදර්ලන්ත කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කර බෙදාහරින මාස්, ස්නිකර් ඇතුළු සියලූම චොකලට් නිෂ්පාදන නැවත කැඳවීමට මාස් සමාගම පියවර ගෙන තිබේ.

අදාළ කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ නෙදර්ලන්ත දකුණුදිග වෙගල් ප්‍රදේශයේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1963 වසරේදී ආරම්භ කළ බව පැවසෙන එම කර්මාන්ත ශාලාවේ 1200ක පමණ පිරිසක් සේවය කරන බව සඳහන්ය.

කෙසේ වෙතත් චොකලට් වලට ප්‍රියකරන අමෙරිකානුවන්ට ඔවුන්ගේ රට තුළ නිෂ්පාදනය කරන චොකලට් ආහාරයට ගැනීමට බාධාවක් නැති බවද කියැවේ.

චොකලට් කැබැල්ලකින් ප්ලාස්ටික් කැබැල්ලක් හමුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුවන බවද මේ පිළිබඳ අදහස් දක්වමින් නෙදර්ලන්ත සමාගමේ ප්‍රධානියෙකු පවසා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!