Gossip News

ආඩියාපුලියන්කුලමේ දී ගංජා කිලෝ ග්‍රෑම් 203ක් පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට..

ඊයේ(19) සවස පරයනාලන්කුලම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වව්නියාවේ, ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 203ක් සමග පුද්ගලයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ විදියට අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මන්නාරම් ප්‍රදේශයේ ජාවාරම්කරුවන්ට ලබාදෙන ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනෙන ගංජා තොගයක් ලෙස වාර්තා වෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයා ජාවරම්කරුවන්ගෙන් ලබා ගත් ගංජා තොගයක් ‌බෙදා හැරීමට ගෙනියන අවස්ථාවේ මෙලෙස පොලිසිය විසින් ඔහුව කොටුකරගන තිබෙනවා.

පොලිසිය මේ වෙනකොට මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ පවත්වාගන යන අතර සැකකරුවාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශකර සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!