Gossip News

කාන්තාවන්ගේ මාල කඩන කල්ලියක තිදෙනකු උඩුගමදී අත්අඩංගුවට..

කුඩු අලෙවි කරන දෙදෙනෙකු සහ කුඩු මිලදී ගැනීමට කාන්තාවන්ගේ මාල කඩන දෙදෙනෙකු උඩුගම පොලීසිය විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් කුමක් හෝ මහා අපරාධයක් කිරීමට සැලසුම් කරමින් සිටියදි ටී 56 ගිනි අවියක් සහ 303 වර්ගයේ ගිනි අවියක් සමග පොලිසියට අසුවී තිබෙනවා.

එම 5 දෙනා අතරින් කුඩු වලට ඇබ්බැහි වූ එක් අයෙකු ළඟ තිබී ටි 56 ගිනි අවියද, පතුරුම් 90ක් සහ මැගසින් 3ක් ද, කුඩු අලෙවි කරන පුද්ගලයකු ළඟ තිබී 303 වර්ගයේ අවියද සොයගන තිබෙනවා.

මාල කඩන කල්ලියේ දෙදෙනා උඩුගම හඟරන්වල සහ යක්කලමුල්ල වතෝගල යන ප්‍රදේශවල අය වන අතර කුඩු අලෙවි කරන පුද්ගලයන් දොඩන්දූව දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට වාර්තා වෙනවා.

කුඩු අලෙවිකරුවන් අල්ලා ගැනීමට හැකිවී ඇත්තේ කුඩු මිලදී ගැනීමට මාල කඩන අයගෙන් වන අතර කුඩු සම්බන්ධ
සැක කරුවන් උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.කුඩු අලෙවි කරුවන් අද දින හික්කඩුව පොලිසියට භාරදීමට නියමිතව ඇති බවට ආරංචි මාර්ග පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!