Gossip

පාතාල නායක “සමයං”ට ඔත්තු දීලා නැන්දම්මාගේ සිරුරේ එල්ලී අවසන් ගමන් ගිය මංජුලා

අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ සමීපතම ගෝලයකු වූ බණ්‌ඩා නමැත්තා ඝාතනය කිරීම සඳහා ඔත්තු ලබාදුන් බවට චෝදනා එල්ල වී සිටි රූපලාවන්‍ය ශිල්පිනියක පාතාල සාමාජිකයන් දෙදෙනකු විසින් පෙරේදා (30 වැනිදා) රාත්‍රි අතුරුගිරිය රුක්‌මලේ ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර තිබුණා..

අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මුහුණු ආවරණය වන හිස්‌වැසුම් පැළඳ කොට්‌ටාව රුක්‌මලේ බාලිකා නිවාස පාරේ පිහිටි නිවසට පෙරේදා රාත්‍රි 8.45 ට පමණ කඩාවැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනා මෙම රූපලාවන්‍ය ශිල්පිනියට වෙඩි තබා ඇත.

අපරාධකරුවන් වෙඩි ප්‍රහාර දහතුනක්‌ රූපලාවන්‍ය ශිල්පිනිය වෙත එල්ල කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ මෙම කාන්තාවගේ පස්‌ හැවිරිදි දියණිය සහ හත් හැවිරිදි පුත්‍රයා නිවසේ සිට ඇති අතර ඔවුන්හට කිසිදු අනතුරක්‌ සිදුවී නැත.

පාතාල සාමාජිකයන් එල්ල කළ ප්‍රහාරයෙන් ඝාතනයට ලක්‌ව ඇත්තේ 42 හැවිරිදි මංජුලා සඳුනි අබේරත්න නමැති දෙදරු මවකි. බණ්‌ඩා නමැති පාතාල සාමාජිකයා ඝාතනය සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත මාස 06 කට ආසන්න කාලයක්‌ බන්ධනාගාරගතව සිටි මෙම කාන්තාව ඇප මත මුදාහැර තිබුණේ මීට මාසයකට පමණ උඩදීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගයක්‌ සඳහා අධිකරණය වෙත පෙරේදා ගොස්‌ ඇති මෙම කාන්තාව එදින රාත්‍රි නිවසට පැමිණීමෙන් පසු මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය පවසයි.

අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ සමීපතම ගෝලයා වූ බණ්‌ඩා නමැත්තා ප්‍රතිවිරුද්ධ කල්ලියක්‌ විසින් ඝාතනය කරනු ලැබුවේ ඉකුත් ජනවාරි 17 වැනිදා දහවල්ය.

බණ්‌ඩා නමැති පාතාල සාමාජිකයා මෙම රූපලාවන්‍ය ශිල්පිනියට අයත් රූපලාවන්‍යාගාරය වෙත පැමිණ සිටියදී එහි කඩාවැදුණු ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු ඔහු වෙඩි තබා ඝාතනය කර පලාගොස්‌ තිබිණි. බණ්‌ඩා ඝාතනය කිරීම සඳහා ඔත්තු ලබාදුන් බවට මෙම රූපලාවන්‍ය ශිල්පිනිය වෙත චෝදනා එල්ල වී තිබූ අතර මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් ඇය අත්අඩංගුවට ගෙන තිබිණි. බණ්‌ඩා ඝාතනය සිදුකළ බව කියන කොට අසංක සහ මද්දා යන පාතාල සාමාජිකයෝ දෙදෙනා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

පසුව මොවුන් තිදෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කරනු ලැබූහ. මෙම කාන්තාව මීට මාසයකට උඩදී ඇප මත මුදාහරිනු ලැබුවද සෙසු සැකකරුවන් දෙදෙනා තවමත් බන්ධනාගාරගත කර සිටින බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම සඳහා ඝාතකයන් මිලිමීටර් 9 වර්ගයේ පිස්‌තෝල දෙකක්‌ යොදාගෙන ඇත. මොවුන් යතුරුපැදියකින් පැමිණ ප්‍රහාර එල්ල කර පලාගොස්‌ ඇති බව මූලික විමර්ශනවලින් හෙළිවී තිබේ.

බණ්‌ඩාගේ ඝාතනයට එකට එක කිරීමක්‌ ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

කොට්‌ටාව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සුමිත්ත කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක අමිල ගෝවින්න මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!