Gossip

“මම දැන් රොෂාන්ගේ පෙම්වතිය, රොෂාන් අයියගේ පෙම්වතිය වෙන්න ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ”

ශනුද්‍රි පියසාද් කියන නමට වඩා දැන් සමල්කා කියන නමට රසිකයෝ ආදරය කරනවා.
ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමෙන් ඔබේ ආලින්දයට එන ශනුද්‍රි කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරය කරන තරුණ පරපුරේ ජනප්‍රිය නිළියක්.
ඇය ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට සටහන් වෙලා තිබුණා.

ලස්සන ගැන උනන්දුවෙන් ඉන්න… ලස්සන ශනුද්‍රි මොකද මේ එකපාර වුණේ…?
ඇයි අනේ… මම දැන් කැතයිද…?

කැතයිද කියලා අහන්නේ… ඇයි ඔයා කළුවෙලා…?
අයියෝ… මට දැන්නේ තේරුණේ. මේ දවස්වල මම ටිකක් කළු වුණා තමයි. ඒ මගේ ටෙලි නාට්‍යය වෙනුවෙන්. ඒකට මාව පොඩ්ඩක් කළු කළා. හැබැයි ඉස්සරහදී මම මීට වඩා ලස්සන වෙයි. දැනට පොඩ්ඩක් කළුයි.

මේ පිටපත අතට ලැබුණට පස්සේ මොකද හිතුණේ…?
ඒ පිටපත මට දෙන්න කලින් මට කෝල් කරලා චරිතය ගැන කියලා මගෙන් ඇහුවා “මේ චරිතයට කැමතිද… කියලා. චරිතය හරි වෙනස්. මම ඒ නිසාම ඒ චරිතය තෝරා ගත්තා. ඒ චරිතය කරන්න මට ආස හිතුණා.

කතාවට අනුව ශනුද්‍රිගේ පෙම්වතා රොෂාන් රණවන. කාලයක් තිස්සේ දන්න කියන සහෝදරයෙක් නේද…?
ඒකනේ… ඒකනේ… රොෂාන් අයියාගේ පෙම්වතිය විදිහට මට රඟපාන්න ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ… මොකද මම එයත් එක්ක මුලින්ම රඟපාද්දී මට වයස අවුරුදු අටයි. ඉතින්… මේක මට පුදුමයක්. ඉතින් මම බාරගත්තා. රොෂාන් අයියගෙන් මට ඒකට ලොකු ස්පෝට් එකක් ලැබෙනවා. එයා ඉතින් මාව බයිට් කර කර ඉන්නවා.

ගෙදර ඉදිද්දී අක්කලා දෙන්නාගෙන් ශනුද්‍රි බයිට් වෙනවා කියලයි ආරංචි…?
ඔව්… අනේ… මොනව කරන්නද… මම බඩපිස්සිනේ. ඒක නිසා වෙන්න ඇති. හැබැයි ඉතින් සමහර වෙලාවට මම ඒ දෙන්නාව බයිට් කරන වෙලාවලුත් තියෙනවා.

ඉස්සර වගේ අක්කලා නංගිලා එකට මුණගැහෙන වෙලාවල් හරිම අඩු ඇති නේද…?
ඔව්… අනේ… ඒක ඇත්ත. සමහරදාට ඒ දෙන්නා ගෙදර ඉන්න දවසට මම ගෙදර නෑ. සමහරදාට දෙන්නෙක් ගෙදර ඉන්න දවසට තව එක්කෙනෙක් ගෙදර නෑ. හැබැයි ඉතින් තුන්දෙනාම ගෙදර ඉන්න දවසටනම් අම්මට තමයි වදේ. එහෙම වෙලාවට අපි ගේ එකදෙක කරනවා. ඒ දවසට හරිම ජොලි. සමහරදාට එක කාමරේකට වෙලා අපි සින්දු කියනවා. නටනවා. එහෙම නැත්නම් අපි කට්ටිය එකතුවෙලා මොනව හරි කෑමක් හදනවා.

ඇත්ත කියන්න… වැඩියෙන් රහ කවුරු උයන කෑමද…?
ම්… දෙන්නම හදන කෑම රහයි. ඒ අතරින් දෙවැනි අක්කා හදන කෑම හරි රහයි. ලොකු අක්කා තමයි ඔය එක එක ජාතියේ ඩෙසට් වර්ග හදන්නේ. හැබැයි ඊයේ රෑ කෑම හැදුවේ ලොකු අක්කා. ඒ වෙලාවට අපිට පොඩ්ඩක්වත් උදව්වෙන්න එයා ඉඩ දෙන්නේ නෑ. එයා බතුයි, චිකන් කරියයි, පරිප්පුයි, වම්බටුයි, අලයි, සලාදෙයි විතරක් නෙවේ… තව කීපයක්ම හදලා තිබුණා. ඒ හැම දෙයක්ම එයා හැදුවේ තනියමයි. ඒ හැම කෑමක්ම හරිම රසයි.

තුන්දෙනා හරි හරියට නත්තල් සමරන්න ලෑස්ති වෙනවා කියලායි අපිට නම් ආරංචිය…?
ඔව්නේ… හුඟ දවසකට පස්සේ මට නිවාඩු දවසක් ලැබුණා. ඉතින් අද මම අම්මත් එක්ක Shopping ගිහින් මට ඕන කරන දේවල් ටික ගත්තා. ඉතින්… ඊට පස්සේ ඒවා ලෑස්ති කරලා ලස්සනට හදන්න ඕනේ… ලොකු අක්කා ගෙදරට ඕන කරන කර්ටන්, කුෂන් ටික ගිහින් ගෙනවා. ලොකු අක්කාගේ අතින් තමයි ඒ දේවල් හැඩවැඩ වෙන්නේ. දෙවැනි අක්කත් වෙනස් විදිහේ ඩෙකරේෂන් කරන්න ලෑස්ති වෙනවා. දෙවැනි අක්කාගෙන් තමයි තත්තල් ගහ හැඩ වෙන්නේ. ඉතින්… මේ දවස්වල ඔය දේවල්වලින් අපේ ගෙදර ටිකක් කලබලයි…

සමල්කා නිසා වෙච්චි අමතක නොවන සිදුවීමක් කියන්න කිව්වොත්…?
එහෙම එකක් කියලා නෑ. සමල්කා නිසා මට ගොඩාක් යාළුවෝ මුණගැහුණා. මඟ තොටේදීත් මාව දකින කට්ටිය ළඟට ඇවිත් මාත් එක්ක කතා කරනවා. මාත් එක්ක ෆොටෝ ගන්නවා. වැඩිහිටියනුත් ළඟට ඇවිත් “දුවේ කියලා කතා කරනවා. ඉතින්… ඇත්තටම ගොඩාක් සතුටුයි. ක්ෂේත්‍රයේ ඉන්න අයත් මේ ටෙලි නාට්‍යය බලනවා. එයාලත් මට විෂ් කරනවා. ඉතින් ඒ හැම දෙයක්ම අමතක වෙන්නේ නෑ…

මේ දවස්වල රංගනයට වගේම ගායනයටත් ශනුද්‍රි වැඩි අවස්ථාවක් ලබා දීලා තියනවා නේද…?
ඔව්… මම එක සින්දුවක් කළා. ඒකට තාම නමක් නෑ. ඒක මනුරංග විජේසේකර අයියා එක්ක කළේ. ඒකේ වීඩියෝ එක කරන්න මේ දවස්වල ලෑස්ති වෙනවා. ඊට අමතරව තව සින්දුවක් කරන්න ඉන්නේ. ඒක රීමේක් එකක්. ඒ ගැන වැඩි විස්තර ඉස්සරහට කියන්නම්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!