Gossip

මියගිය බව පැවසූ අලුත උපන් බිළිඳාට අවසන් කටයුතු සිදුකරද්දී නැවතත් පණ එයි

අලුත උපන් බිළිදෙකු මියගිය පැවසූ පසු අවසන් කටයුතු සිදුකිරීමට යාමේදී එම දරුවා නැවතත් ප්‍රකෘති තත්ත්වයට පැමිණි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ දිල්ලි නුවරින් මේ සිද්ධිය වාර්තා වුණා.
මෙම සිදුවීමත් සමග ඉන්දියාවේ පෞද්ගලික රෝහල්වල පවතින ගුණත්වය පිළිබඳ කතාබහක් ඇතිවී තිබෙන අතර, ඒවා බොහෝ විට අධික මිලක් අයකරන රෝහල් ලෙසද සැලකෙනවා.
මෙම සිද්ධියත් සමඟ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාද පවසා ඇත්තේ මෙය තැති ගැන්මක් ඇති කරවූ නොසැලකිලිමත්කමින් සිදුකිරීමට ගිය අපරාධයක් බවයි.
මේ අතර, ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් බලධාරීන්ට දැනුම්දී ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!