Gossip

මාලිංග තවත් කඩුලු 06ක් දවාගත් පසු ක්‍රිකට් දිවියට සමුදෙයි?

පසුගියදා ක්‍රිකට් ආයතනය සමග ඇතිවූ අර්බුදය හේතුවෙන් සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග දැඩි කලකිරීමෙන් සිටින බවත් එක්දින තරඟ දිවියේ කඩුලු 300ක් ලබාගැනීමෙන් අනතුරුව සිය එක්දින ජාත්‍යන්තර තරඟ දිවියට සමුදීමට සූදානමින් සිටින බවට වාර්තා වනවා.

ඔහුට කඩුලු 300ක් ලබාගැනීමට තවත් අවශ්‍ය වන්නේ කඩුලු 6ක් පමණයි.

එක්දින ජාත්‍යන්තර තරඟ 194ක් ක්‍රීඩා කොට ඇති ලසිත් මාලිංග එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාඇති කඩුලු සංඛ්‍යාව 294ක් වනවා.

මෙම කඩඉම පසු කිරීමෙන් පසු මාලිංග සිය එක්දින තරඟ දිවියට සමුදීමට සූදානමන් ඇති බවයි පැවසෙන්නේ.

මීට පෙර ඔහු පවසා තිබුණේ තමා 2019 ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරීමට සූදානම් බවය.

ලබන 30 වනදා සිම්බාබ්වේ කණ්ඩායම සමගින් ආරම්භ වන එක්දින තරඟාවලියට මාලිංග නම්කොට ඇති අතර එහිදී ඔහු කඩුලු 6ක් දවා කඩුලු 300 සීමාව පසුකලහොත් බොහෝ විට මාලිංගගේ අවසන් එක්දින තරඟාවලිය මෙය වනු ඇති බවටයි වාර්තා වන්නේ.

පසුගියදා ක්‍රිකට් ආයතනය සමග ඇතිවූ අර්බුදය හේතුවෙන් මාලිංග දැඩි කලකිරීමෙන් සිටින බවද වාර්තා වනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!