Gossip

Birth Day එක දවසේ සැඟවූ අමුත්තා සමඟ අනූෂා දමයන්ති මංගල සීනු නාද කරන හැඬයි – Photos

අනූෂා දමයන්ති යන්නේ රංගනයෙන් වගේම නර්ථනයෙන් රසික ආදරය දිනාගත්තු කලා චරිතයක්.
අනූෂගේ පසුගිය උපන්දිනය දවසේ ඇගේ පෙම්වතාගේ මුහුණ වැසී තිබෙන ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් වුණා.
මාධ්‍යයට හංගපු ඒ ආදරවන්තයා ගැනත් අනූෂගේ අලුත්ම විස්තර ගැනත් දැනගන්න වෙබ් ගොසිප් අපි අනූෂා එක්ක කතා කළා.

ඉතිං මොනවද අලුත්ම විස්තර..?
හම්… පසුගිය දවස් ටිකේනම් දෙරණ ස්ටාර් සිටි නිසා කාර්යබහුල වෙලා හිටියා.
මම භාරගත්ත නාට්‍ය දෙකක් තියෙනවා.. ඒ වගේ වැඩ කටයුතු කරනවා..

උපන් දිනේ දවසේ පෙම්වතාව හංගගෙන මලක් දෙන ෆොටෝ එකක් මාධ්‍යයට නිකුත් වුණා.. දැන් ඔහුව එක වහලක් යටට ගන්න කාලේ හරි නේද..?
මේ අවුරුද්දේ තමයි විවාහ වෙන්න හිතාගෙන හිටියේ.. ඒත් කාලය නැතිවුණා.
දැන් ඉතිං ලබන අවුරුද්දේ මුල හරියේ විවාහ උත්සවය ගන්න හිතාගෙන ඉන්නවා.
මම වැඩක් කරද්දි තව වැඩක් පටලවගන්නේ නෑ.. ඒ නිසා තිබුණු වැඩ ඉවර කරලම විවාහය ගැන හිතුවා..

ඒ වාසනාවන්තයා ගැන කිව්වොත්..?
හම්.. දැන්ම ඕනේ නෑ නේද..? ලංකරලා කිියමු..

විවාහයෙන් පස්සේ කලාවට සමුදෙනවද..?
නැහැ… මොකද මම ආදරේ කරන කෙනා කවදාවත් මට කලාවෙන් අයින් වෙන්න කිව්වේ නෑ. එයා කලාවට ආදරේ කරන කෙනෙක්.
ඉතිං මම හරිම වාසනාවන්තයි.

රංගන ක්ෂේත්‍රයේ ඉන්න හුඟක් අය බිස්නස් පටන් ගන්නවා. අනූෂට එහෙම අදහසක් නැද්ද..?
බිස්නස් එකක්නම් කරන්න හිතහිත හිටියා. ඒත් මේ අපේ අම්මා කැමති නෑනේ..
මගේ හදවතේනම් බිස්නස් එකක් තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!