Gossip

මාලඹේ තට්ටු 3 ගොඩනැගිල්ලක මසාජ් කරනවා කියලා කාම ආශාවට බෙහෙත් කරපු හැටි මෙන්න

තලංගම මාලඹේ පාරේ ප්‍රධාන පෙළේ පූජා භූමියක් ආසන්නයේම පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක තෙවන මහ‍ලේ කාලයක් තිස්සේ විවිධ රෝග සඳහා සම්බාහන ප්‍රතිකාර දෙන ආයතනයක් පවත්වාගෙන ගොස් තිබුණා.
එක්වරම මෙම ස්ථානයට පිවිසීමට නොහැකි අතර කළින් දුරකථන ඇමතුමක් ලබාදී අනන්‍යතාව තහවුරු කරගත යුතු වනවා.
අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් අනතුරුව තුන්වෙනි මහළට ගිය පසුද ඔහු එම චිකිස්සාගාරයට ඇතුල් කර ගන්නේ ඔහු පිළිබඳ එහි හිමිකරුවන්ට සැකයක් ඇති නොවුණහොත් පමණි.
මෙවැනි ස්ථානයක එහි වගකීම දරණ වෛද්‍යවරයෙකු සිටිය යුතු අතර ප්‍රතිකාර කිරීම සඳහා ආයුර්වේද හෝ වෙනත් වෛද්‍ය වෘත්තිකයෙක් මෙහි සිට නැත..
මෙහි චිකිත්සක කටයුතු සිදුකරන රූමත් කාන්තාවෝ කිහිප දෙනෙක් පමණක් මෙහි රැඳී සිට තිබෙනවා.
ඒ අනුව මෙය ‘කාමාශාව නම් රෝගයට’ නොවිධිමත් චිකිත්සාවක් දෙන තැනක් බව පැහැදිලි වී තිබුණේ පසුගිය දිනයක බස්නාහිර පළාත් බුද්ධි අංශ ‍පොලිස් කොස්තාපල් ලියනගේ මහතාට ලැබුණු තොරතුරකිනි.
සම්භාහනය මුවාවෙන් සිදුකරගෙන ගිය මෙම ඡාවාරම කොටුකර ගැනීම සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව උපාය දූතයකු මගින් මේ පිළිබඳ විමසීමට පොලිසිය කටයුතු කළේය.
ගැණුම්කරුවන්ට පමණක් මෙම ආයතනයේ දොර විවෘත වන බැවින් මෙම උපාය දූතයාට එම ආයතනය සමඟ දුරකතන සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට සිදු විණි.
ඒ අනුව පසුගිය දිනයක එහි ගිය ඔහුට ද එම ආයතනයේ එම තුන්වන මහලේ දොර විවෘත විය. ඒ ඔහු සම්භාහනය මුවාවෙන් කාන්තාවක් රුපියල් 5000කට ‘කුලියට ගැනීමට’ කැමති වූ බැවිනි.
එහි රු 5000 කට වඩා මිලට අලෙවිවන කාන්තාවෝ ද සිටියහ.
මෙම උපාය දූතයාත් සමඟ ‍මුදලට ශරීරය අලෙවි කරමින් සිටි කාන්තාවන් තිදෙනකු සමඟ එහි කළමනාකරු ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.
මෙසේ අත්අඩංගුවට පත් කාන්තාවන් හඳපාන්ගොඩ සහ මහියංගනය ප්‍රදේශයන්හි පදිංචි 30-44-49 වයස්වල පසුවන අයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!