Gossip

මම කැමති වුණු ගෑණු ළමයි මට කැමති වුණේ නැහැ – පාසල් ප්‍රේමය අහිමිවීම ගැන දෙවැනි ඉනිමේ මයික් කියපු කතාව

ටෙලි නාට්‍යවල අපි දකින සමහර චරිත අපේ හත්වලට කොයිතරම් සමීපද කියනවානම් හැම මොහොතකම ඒ චරිතය දකින්න කැමතියි.
ඒ විදිහේ චරිතයක් තමයි මයික් කියන්නේ.
දෙවැනි ඉනිමේ මයික්ගේ චරිතයෙන් සුවහසක් රසික හදවත් ආදරයෙන් වැළඳගත්තු දෙනුවන් සේනාධී ගැන සතිඅන්ත පුවත්පතක පලවී තිබුණේ මෙලෙසින්.

අද මොකද වෙන්නේ..?
ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍ය දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය යේ රූගත කිරීම් සිද්ධ වෙනවා.
තැන විශේෂයි. අංගොඩ මානසික රෝහලේ ඉඳන් තමයි අද අපි රූගත කිරීම් කරන්නේ.

මයික්ට දෙවැනි ඉනිම ලැබුණේ..?
සාරංග මගේ මිත්‍රයා කාලයක් තිස්සේ කිය කිය හිටියා. දෙනුවන් අලුත් ටෙලියක් පටන් ගන්නවා වෙන වැඩ මුකුත් බාරගන්න එපා කියලා. ඒ කාරණාව නිසා අවස්ථාව තියාගෙන ඉන්න කියලා කිව්වා.

මයික්ගේ වර්තමානය දෙනුවන්ගේ අතීතයද..?
මයික් කියන චරිතය ඇවිල්ලා, හැමෝම කැමති සමාජය තුල තමන් විශේෂ පුද්ගලයෙක් බව පෙන්වන චරිතයක්.
මේ අතරේ අපි ජීවත් වෙන කාලය තුල අපිට සියලුම දේ සපුරගන්න බැමහැ.
ඒක තමා මනුස්ස ස්වභාවය. ඉතිං මම හිතුවා මයික් කියන චරිතය කියන්නේ සමාජයේ එක චරිතයක්.
මම පාසල් යන කාලෙදිත් මට සමහර ගැහැණු ළමයින්ව යාළු කරගන්න බැරි වුණා.
ඒ කියන්නේ මම කැමති වුණු ගෑණු ළමයි මට කැමති වුණේ නැහැ.
උදාහරණයක් විදිහට ගත්තොත් මගේ උස අඩුයි. මම තමා පංතිකාමරයේ හිටිය කොටම එක්කෙනා. මගේ සයිස් එක මදි වීම ඒකට එක හේතුවක් වුණා.
හැබැයි මානසික මට්ටමින්, අපිට කෙනෙකුට ආදරේ කරන්න ශක්තියක් තියෙනවා.
ඒක එක කාරණාවක්. තවත් දෙයක් තමයි මම Boys school ඉගෙන ගත්තේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ.
මම ඔයාට උදාහරණයක් කියන්නම් ස්කෝලේ ටීචර් කෙනෙක් ආවට පස්සේ මයික් හැසිරුණු විදිහ තමා ඉතිං දෙනුවනුත් හැසිරුනේ. ඒ දේවල් හොඳට මතක තියාගෙන තමා මෙතැන රඟපාන්නේ..

දෙනුවන්ට මේ ලැබුණු අවස්ථාව සුවිශේෂී නේද..?
දෙවැනි ඉනිම මගේ ජීවිතේ වෙනස්ම අවස්ථාවක්.
මම රඟපාන්න ඇවිල්ලා අවුරුදු 10 කට වැඩියි. මේ කාලය තුල දෙවැනි ඉනිම කියන්නේ ජීවිතේ හම්බවුණු හොඳම අවස්ථාව.
දෙමළ නළුවෙක් ඉන්නවා ප්‍රකාශ් රාජ් කියලා. ඔහු රඟපාන චිත්‍රපටයක අවසානය දක්වා හොයාගන්න බැහැ ඔහු හොඳ පැත්තේද නරක පැත්තේද කියලා.ක
මම හිතනවා Actor කෙනෙක් කියන්නේ සප්ලයිස් කැරැක්ටර් එකක් වෙන්න ඕනේ.
ඉතිං මම මයික් තුලින් දෙනුවන් සේනාධි දක්ෂ රංගන ශිල්පියෙක් කියලා සමාජයට පෙන්නලා තියෙනවා සහ පෙන්නමින් පවතිනවා.
ඉතිං රංගනය කියන්නේ හැම වෙලාවෙම අහුවෙන්නැති දෙයක්. ඒක ඇවිල්ලා මවාපෑමක්.
ඒ මවාපෑම අතිශෝක්තියක් නොවෙන්න ඕනේ..
ඒ කියන්නේ රඟපෑම රඟනොපෑම සිටීමක් නමුත් රඟපෑමක්. වචනේ පවා තේරුම් ගන්න අමාරුයි. මටවත් හිතාගන්න බෑ මම කරන දේ.

දෙනුවන් කියන්නේ Entertainment Presenter කෙනෙක්..?
මම දැනටත් දෙරණ ආයතනයේ ‍Entertainment Presenter කෙනෙක් විදිහට වැඩ කරනවා.
නමුත් Reality show ඉදිරිපත් කරන කාලේ මම හිතුවා මේක තමා මගේ වැඩේ කියලා.
මම රඟපෑම මුලින් පොඩ්ඩක් අතහැරලා හිටියේ.

මයික්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
අති විශාලයි. මගේ මුළු ජීවිත කාලෙටම මේ තරම් ජනප්‍රියත්වයට පත් වෙච්ච කාලයක් නැති තරම්.
ඒ කියන්නේ Fb එකෙන් පවා මට අසීමිත විදිහට මිනිස්සු ප්‍රියතාවයක් දක්වනවා.
පෙලක් අය නාට්‍යම බලනවා කියලා කියනවා මම නිසා.
මම සාමාන්‍ය පුරවැසියෙක් විදිහට පාරේ යද්දි එක ෂොට් එකෙන්ම කියනවා මයික් කියලා.
කිසිම කෙනෙක් වෙන නමකින් ආමන්ත්‍රණය කරන්නේ නැහැ.
මම මේකේ ප්‍රධාන චරිතයක් නෙවෙයි. අඩුම ගානේ දෙවැනි ඉනිමේ ෆොටෝ එකේවත් මම නැහයැ. මම චරිතේම අරගෙන ඒක සමාජගත කළා.

ඇත්තද පිටපත කියවද්දි හිනායනවා කියන කතාව..?
සමන් එදිරිමුණි මට වඩා විහිළුකාරයෙක්. සාරංග මෙන්ඩිස් කියන්නේ අපිට වඩා දක්ෂ ප්‍රසහන ශිල්පියෙක්.
ඉතිිං හරියට අපිව මෙහෙයවනවා. අඩු කෑලි වැඩි කෑලි එකතු කරනවා. ඇත්තෙන්ම පිටපත කියවද්දි හිනායනවා. එහෙම අවස්ථා අනන්ත අප්‍රමාණ තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!