Gossip

“හිත ඇතුලේ එකක් තියාගෙන එළියට එකක් පෙන්නන්නවත් ගෙදර ගිනි තියාගෙන එළියට හිනාවෙනවත් නෙවෙයි මේ”

රසික හදවතේ ආදරය දිනාගත්තු චරිතයක් වගේම විවිධ පුවත් මැවූ චරිතයක් විදිහට ගයාන්ව හදුන්වන්න පුළුවන්.
පසුගිය දවස්වල ගයාන්ගෙයි චතුරිකා පීරිස්ගෙයි කතා කිහිපයක් ගැනත් අන්තර්ජාලය පුරාම විවිධ පුවත් හුවමාරු වුණා.
කාලයක් පුංචි තිරයේ දකින්න නොලැබුණු ගයාන්ගේ අලුත්ම විස්තර ගැන සති අන්ත පුවත්පතක පලවී තිබුණේ මෙලෙසින්.

ගයාන් කාර්යබහුලයි වගේ..?
ඔව්… කාලයක් මට වැඩවලට ආරාධනා ලැබුණෙත් අඩුවෙන්.
මේ දවස්වල මට හොඳ වැඩ කිහිපයකටම සම්බන්ධ වෙන්න ලැබිලා තියෙනවා.

ඒ කියන්නේ දැන් ආයෙත් ගයාන්ව අධ්‍යක්ෂවරුන්ට ඕනේ වෙලාද..?
අධ්‍යක්ෂවරුන්ට කොයි කාලෙත් මාව උවමනා වෙලා තිබුණා.
හැබැයි යම්කිසි පිරිසක් කටකතා පතුරවලා තිබුණා මමයි චතුරිකයි අපේ ප්‍රඩක්ෂන්වල විතරයි වැඩ කරන්නේ කියලා.
ඉතිං සමහර අධ්‍යක්ෂවරු මට කියලත් තිබුණා අපේ වැඩවලට ගයාන් එන්නේ නෑනේ කියලා.
නමුත් මමයි චතුරිකයි අපේ නිර්මාණවල විතරක්ම රඟපානවා කියලා තීරණය කරලා තිබුණේ නැහැ.
අපිව ක්ෂේත්‍රයෙන් අයින් කරලා දාන්නයි සමහරුන්ට ඕන වෙලා තිබුණේ.

ක්ෂේත්‍රයෙම අයටද එය උවමනාව තිබුණේ..?
ක්ෂේත්‍ර යේ අය තමයි ඒ දේ කළේ. හැබැයි ඒ වගේ මිනිස්සු මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕන අය නෙවෙයි.
මොකද අනෙක් අයට නින්දා අපහාස කිරීම නෙවෙයි කලාකරුවාගේ යුතුකම.
ඒ වගේ පුද්ගලයෝ කලාකරුවා කියන නමටත් කැලලක්.
මමයි චතුරිකයි හොඳ නිර්මාණවලට දායක වෙන්න කිසිම අකමැත්තක් නෑ.

පවුල් ආරවුල් මත ඒ කටකතා පතුරවන්න ඇතිද..?
සමහරවිට එහෙම වෙන්න පුළුවන්. අපි අවංකව ජීවත් වෙනවා. හිත ඇතුලේ එකක් තියාගෙන එළියට එකක් පෙන්නන්නවත් ගෙදර ගිනි තියාගෙන එළියට හිනාවෙන්නවත් නෙවෙයි. අපි හරි නිදහසේ ජීවත් වෙනවා.
ඒවා දරාගන්න බැරි වෙන්නත් පුළුවන්.

සමහරු කියනවා ගයාන්ට හැමෝම එක්ක වැඩ කරන්න බැහැ. එක පිරිසක් එක්ක විතරයි වැඩ කරන්න පුළුවන් කියලා.. ඇත්තද ඒක..?
මෙහෙමයි මට බොරුව වංචාව පෙන්නන්න බෑ. බොරු කරන අයට බොරුව තේරෙන බව මම මූණට කියනවා. බොරු කරන අය මට මුහුණ දෙන්න බයයි.
මම කාවවත් බොරුවට වර්ණනා කරන්නේ නෑ. කෙනෙක්ගේ අඩුපාඩුවක් දැක්කොත් මම ඒක කියනවා.
ඒක සමහරුන්ට මදිපුංචිකමක්. මට වැඩ කරන්න පුළුවන් එක පිරිසක් එක්ක විතරයි කියලා කියනවා ඇත්තේ ඒ අය.

ගයාන් රඟපාන්න ඕනේ මොන නිළිය එක්කද කියලා තීරණය කරන්නේ චතුරිකා මැදිහත් වීමෙන්ද..?
නැහැ.. එයා එහෙම නිළියෝ තෝරලා දෙන්නේ නෑ. මොකද එයා මේ ක්ෂේත්‍ර යේ අයත් එක්ක ඕනවට වඩා ළඟත් නැහැ.. මට තහංචි දාන කෙනෙක් නෙවෙයි එයා.

චතුරිකා බොහෝ වෙලාවට ගයාන් පස්සෙන්මයි කියලා සමහරු කියනවා.
ඔව්.. මම ෂූටින් එද්දි එයා ෆ්‍රී නම් මාත් එක්ක වැඩවලට එනවා.
ලන්ච් එක ගෙනත් දීලා මට කවලා තමයි එයා යන්නේ..
ලන්ච් එක ලෑස්ති කරලා නැත්නම් අපි දෙන්නම එළියට ගිහින් ලන්ච් එක ගන්නවා.
මම වුණත් මට වැඩ නැති අවස්ථාවලට එයා ඉන්න සෙට් එකට යනවා..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!