Gossip News

මම හදපු කූඩුවල වෙන අයට බිත්තර දාන්න ඉඩ දෙන්නේ නෑ – මෛත්‍රිපාල සිරිසේන

චීන රජයෙන් තෑග්ගක් ලෙස තමන්ට ලැබුණු පොලොන්නරුවේ ඉදිවන වකුගඩු රෝහලේ රැකියා දෙන බවට ඇතැමුන් පසුගිය දිනවල ඉල්ලූම්පත් බෙදාදුන් බවට ආරංචි යැයිද අනුන් හදාපු කූඩුවල වෙන අය බිත්තර දාන වැඩපිළිවෙළක් තිබෙන නමුත් එහි වෙන අයට බිත්තර දාන්න මම ඉඩ දෙන්නේ නැතැයි හිටපු ජනාධිපති මෙමත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා පොලොන්නරුවේ වැලිකන්දේදී ප‍්‍රකාශ කරා. ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ ගොවි ජනතාව, තරුණයන් හා කාන්තාවන් දැනුවත් කිරීම සඳහා පැවති ජනහමුවකදීය.

ජනාධිපතිතුමාට වැඩ කරගෙන යාම සඳහා හොඳ ඉහළ බහුතරයක් තිබෙන ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබාදීමේ වගකීමක් මේ රටේ ජනතාවට තිබෙන බවත් ඒ සඳහා අපි සියලූම දෙනා එකට එක්ව කටයුතු කරමු යැයිද හිටපු ජනාධිපතිවරයා කීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය.

1994 දී මම චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුවේ මහවැලි රාජ්‍ය ඇමැතිවරයා වුණා වාරි මාර්ග, මහවැලි මේ ප‍්‍රදේශයේ කිසිම කෙනෙකුට දැනුනේවත් නෑ රාජ්‍ය ඇමැති කෙනෙක් ඉන්නවද කියලා. කිසිම නිලධාරියෙක් මම කවදාවත් මාරු කරලා නෑ. පොලිසියේද, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේද විදුහල්පතිවරුද, ගුරුවරුද, මහවැලියේද ඒ කිසිම කෙනෙක් මම කවදාවත් මාරු කරලා නෑ. අද මේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන පළිගැනීමක් සිද්ධ වෙනවා. ඒක මම කියන්නේ පළිගැනීමක් නෙවෙයි දේශපාලන වෛරයක් කියලා. පසුගිය මාසය තුළ පොලොන්නරුවේ දිසාපතිතුමා මාරු කෙරුවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා මාරු කෙරුවා. පොලොන්නරුවේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක මාරු කෙරුවා. හිඟුරක්ගොඩ පොලිසියේ එච්. කිව්. අයි. මාරු කෙරුවා. පොලොන්නරුවේ ප‍්‍රාදේශීය ලේකම් මාරු කෙරුවා. කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ මාරු කෙරුවා. මගේ හිටිය නිලධාරීන් රාශියක් මාරු කෙරුවා. පොලොන්නරුව රෝහලේ සේවකයෝ මාරු කරන්න ගිහිල්ලා ඒ සේවකයෝ ඔක්කොම පිකටින් කෙරුවා මහ පාරට ඇවිල්ලා. මේ තිබෙන තත්ත්වය තුළ රාජ්‍ය සේවකයන් පොලොන්නරුවේ වැඩ කරන්න ගිය, සංවර්ධනය කරන්න ගිය මහා භීතියකට පත්වෙලා තියෙනවා. මම 2015 ජනාධිපති වෙලා කිසිම නිලධාරියෙක් මාරු කෙරුවේ නෑ. 2015 මගේ ජනාධිපති ඡන්දේදී මට විරුද්ධව ඕන තරම් මහවැලියේ සේවකයෝ වැඩ කෙරුවා.

මම රස්සාවල් දුන්න අයත් මට විරුද්ධව වැඩ කෙරුවා. වෙනත් කාර්යාලවල මම රස්සාවල් දුන්න අය මට විරුද්ධව වැඩ කෙරුවා. හැබැයි මම ජනාධිපති වෙලා කිසිම සේවකයෙක්වත් කම්කරුවෙක්වත් මාරු කෙරුවේ නෑ. මම රාජ්‍ය සේවයේ හිටපු කෙනෙක් විදියට, රාජ්‍ය සේවයේ දුක් විඳපු කෙනෙක් විදියට රාජ්‍ය සේවකයන්ගේ දුක හොඳට දන්නවා. අද පොලොන්නරුවේ රාජ්‍ය සේවකයන් ලොකු භීතියකින්, භයකින් ඉන්නවා කොයි වෙලේ මාරු කරයිද දන්නේ නෑ කියලා. 1947 ඉඳලා මේ රටේ මැතිවරණ කොච්චර තිබුණද? කවදාවත් පොලොන්නරුවේ නිලධාරීන්ට මෙහෙම සිද්ධවෙලා නෑ. ගිය අවුරුද්දේ මැද භාගයේ ඉඩම් කච්චේරියක් තිබුණා තමුන්නාන්සේලාට මතක ඇති. ඉඩම් කච්චේරිය තියලා සුදුස්සෝ තේරුවා. දැන් මේ මැතිවරණයෙන් පස්සේ ඒ ඉඩම් කච්චේරිය නැවැත්තුවා කියලා මට ආරංචියක් ආවා. ආපහු ඉඩම් කච්චේරියක් තියනවයි කියලා. මම බොහොම පැහැදිලිව කියන්නම් රජයේ චක‍්‍රලේඛ අනුව, ගැසට් නිවේදනය අනුව පවත්වපු ඉඩම් කච්චේරියක අවලංගු කරන්න කාටවත් බෑ. ඒ ඉඩම් කච්චේරිය අවලංගු කරල තව එකක් අලූතෙන් තියන්න බෑ. එතකොට මානව හිමිකම් යටතේ කලින් ඉඩම් කච්චේරියෙන් තේරිච්ච අයට අධිකරණයට යන්න පුළුවන්. මම ගිය අවුරුද්දේ මැද භාගයේ පවත්වපු ඉඩම් කච්චේරියෙන් තේරිච්ච අයගේ ඉඩම් කච්චේරිය අවලංගු කෙරුවොත් ඒ ගොවීන් වෙනුවෙන් මම අධිකරණයට යනවා ඒ ගැන කිසිම ප‍්‍රශ්නයක් නෑ. මම ප‍්‍රතිපත්තියක් විදියට වංචාවට, දූෂණයට හොරකමට විරුද්ධ කෙනෙක් යැයිද කීවේය.

කරුණාරත්න ගමගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!