Gossip News

කොරෝනා කළ විනාසයක් රටවල් 84ක් අනතුරේ

 

corona 1355ලොව පුරා උග‍්‍ර වසංගත තත්ත්වයක් බවට පත් වීමේ අවදානමක් පවතින කොරෝනා වෛරසය (කොවිඞ් – 19 වැඩි වශයෙන් පැතිර යමින් පවතින ඉතාලියේ එම වෛරසය ශරීරගත වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ඊයේ (05දා දහවල් වන විට 107 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර ලොව පුරා එම වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 3286 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොරෝනා වෛරසය ඉතාලිය තුළ ශීඝ‍්‍රයෙන් පැතිර යෑම හේතුවෙන් එරට රජය ඊයේ සිට දින 10 ක කාලයක් එරට සියලූම පාසල් වසා දැමීමට පියවර ගෙන තිබිණි. ඉතාලියෙන් ඊයේ වන විට කොරෝනා ආසාදිතයන් 3089 දෙනකු වාර්තා වී තිබිණි. යුරෝපා රටවල් අතුරින් සෙසු වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති රටවල් වනුයේ ප‍්‍රංශය (285 ජර්මනිය (262* හා ස්පාඤ්ඤයයි.

ඊයේ දහවල් වන විට ලොව පුරා රටවල් 84 කින් වාර්තා වී තිබූ මුළු කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 95,496 දෙනෙක් වූහ. ඊයේ වන විට මෙම වෛරසය ශරීරගත වූවන්ගෙන් 53,689 දෙනකු සුව වී තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ පසු වූ සංඛ්‍යාව 6420 දෙනෙකි.

ඊයේ වන විට වාර්තා වී තිබූ මුළු කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 80,430 දෙනකු චීනයෙන් වාර්තා වී ඇති අතර මරණවලින් බහුතරය වන 3013 ක් වාර්තා වී ඇත්තේ එම රටිනි. ආසියාවේ චීනය හැරුණු කොට වැඩිම වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දකුණු කොරියාවෙන් වන අතර එරටින් ආසාදිතයන් 5766 දෙනකු සහ මරණ 35 ක් ඊයේ වන විට වාර්තා වී තිබිණි. අරාබි රටවලින් කොරෝනා වෛරසය වැඩිම පැතිරීමක් පවතින ඉරානයෙන් ඊයේ වන විට කොරෝනා ආසාදිතයන් 2922 දෙනකු වාර්තා වී තිබූ අතර මරණ 92 ක් සිදුව තිබේ.

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!