Gossip News

බාල වයස්‌කාර දැරියක අතවර කර මාස හයකට පසු දෙදෙනා අත්අඩංගුවට

මාස හයකට පමණ පෙර බාල වයස්‌කාර දැරියක්‌ නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ඇයට අතවර කරන ලද 18 හැවිරිදි තරුණයෙක්‌ මාස හයකට පමණ පසුව සිය නිවසට පැමිණ සිටියදී මාදම්පේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

වින්දිත දැරිය අවුරුදු 14 යි මාස 11 ක්‌ වූ මාදම්පේ පොලිස්‌ වසමේ පදිංචිකාරියකි.

තම බාල වයස්‌කාර දියණිය නිවස අසල ඇති වෙළෙඳ සැලට යන බව පවසා නිවසින් පිටව ගිය නමුත් ඇය නැවත නිවසට නොපැමිණි බව කියමින් දැරියගේ මව මාදම්පේ පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇත.
තම දියණිය ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගිය අය සමග ඇය යන්නට ඇතැයි විශ්වාස කරන බව ද පැමිණිල්ලේ දක්‌වා ඇත.

මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී දෙදෙනාම ප්‍රදේශයෙන් පිටවී ඇති බව අනාවරණය කර ගෙන ඇති පොලිසිය මොවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට පුද්ගලික ඔත්තුකරුවකුගෙන් සහාය ලබාගෙන තිබේ.
සය මසකට පමණ පසුව දෙදෙනා සැකකරුගේ නිවසට පැමිණ සිටින බවට ලද තොරතුරු අනුව දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය දැරියගෙන් ප්‍රකාශයක්‌ ලබාගෙන ඇත.

තොඩුවාව ප්‍රදේශයේ කාමරයේ මාස දෙකක පමණ කාලයක්‌ රැඳී සිට පත්තරයක පළවූ දැන්වීමකට අනුව ගල්ගමුව ප්‍රදේශයේ සාලියවැව 17 කණුව හන්දියෙන් මීටර් 200 ක්‌ පමණ ගිය විට හමුවන වත්තේ ඇති පොල්ලෙලි කටර් එකක රැකියාවක්‌ සඳහා ගොස්‌ එහි කම්කරු නිවාසයක නතරවී රැකියාව කර ඇත.

මාස තුනක කාලයක්‌ එහි සිට පිළිකා රෝගයෙන් පෙළෙන තම අම්මාව මහරගම පිළිකා රෝහලට රැගෙන යෑම සඳහා නිවසට පැමිණි අවස්‌ථාවේ තරුනයා අත්අඩංගුවට පත්වී තිබේ. දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා යොමුකර වැඩිදුර විමර්ශන කරගෙන යයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!