Gossip

කැවුම් ගෙඩි දෙක තුනකින් කුස පුරවන් සසුන බබලවන්නට වෙර දරන අනෝපමා මෙහෙණින් වහන්සේගේ කතාව – Photos

මුහුණුපොතෙන් එළියට එන සමහර සිදුවීම් නිසා සමහර වෙලාවට සමාජයේ ලොකු කතාබහක් ඇතිවෙනවා.
ඒ විදිහට මේ දවස්වල මුහුණුපොතේ මෙහෙණින් වහන්සේ කෙනෙකුගේ පාදය තුවාල වී තිබෙන ඡායාරූප පෙලක් හුවමාරු වෙනවා.
මේ ගැන හොයලා බැලුවාම අපිට දැනගන්න ලැබුණේ මේ මෙහෙනින් වහන්සේ මහන්සිවෙලා පන්සල හදාගන්න උත්සහ කරන කතාවක්.
පැල්මඩුල්ල පනාවැන්න පිහිටි අභයතිලකාරාම විහාරස්ථානයේ චෛත්‍ය නිර්මාණය කරන අතුරතුර තමයි මෙහෙනින් වහන්සේගේ කකුල තුවාල වෙලා තියෙන්නේ.
මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ මංගල සුදු පිරියම් කිරීමේ මහා මංගල්‍යය ලබන සැප්තැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත බවයි අපට වාර්තා වුණේ.
සිරිපාද අඩවියේ හුණුදිය පර්වතයේ වැඩ සිටින පැල්මඩුල්ලේ මහින්දසිරි හිමියන් ප්‍රමුඛව මෙම පන්සලේ චෛත්‍ය නිර්මාණය කරන්න මහන්සි වෙන්නේ මේ පුංචි මෙහෙණින් වහන්සේයි.
මෙම මෙහෙණින් වහන්සේ හල්පාවල නිවන්මඟ දහම්සරණ ආරණ්‍යයේ වැඩ වායස කරනවා.
පෙදරේරුවෙක් හෝ අත්උදව්කරුවෙක් නැතිව නිර්මාණය වන මෙම චෛත්‍ය හදන්න උදව් වෙන්න පැමිණෙන සියලුම දෙනා අටසිල් සහ දසසිල් සමාදම්වී වැඩ කරනවා කියලත් පූජ්‍ය මහින්දසිරි හිමියන් පවසනවා.
එමෙන්ම උන්වහන්සේ පවසන්නේ මිල මුදල්වලට වඩා මෙවැනි කටයුත්තකදී ශ්‍රමය වැදගත් බවත් දානය නොමැති දිනවලදී පවා කැවුම් ගෙඩි දෙකක් තුනක් ආහාරයට ගෙන මෙහි වැඩකටයුතු කරන බවත්ය.

පැල්මඩුල්ලේ මහින්දසිරි හිමියන්ගේ දුරකථන අංකය 0712320061

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!